
(ෂේන් සෙනෙවිරත්න)
දින පහක් තිස්සේ කිලෝ මීටර් 150 දුර ගෙවා ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පැමිණි පා ගමනට විශේෂ අමුත්තෙක් සහභාගී වූ පුවතක් වාර්තා වේ. ඒ නමක් නොදන්නා බලු සුරතලෙකි.
සියම් දේශයේ සිට උපසම්පදා විනය කර්මය මෙරටට ගෙනවිත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් දේශයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් ඇතුළු විශේෂ දූත කණ්ඩායමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට පැමිණ එතැන් සිට මහනුවර දක්වා පා ගමනින් වැඩම කළ එම භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත කණ්ඩායම සමග මෙම බලුසුරතලා ද එක් විය.
ත්‍රිකුණාමලයේ සිට මෙම දූත කණ්ඩායම සමඟ එක් වී ඇති බලු සුරතලා දූත පිරිස නවතින ස්ථානවල නැවතී යළි මහනුවරට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාව අසලටද පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිස මල්වතු අස්ගිරි මහාවිහාර යන්ට ගිය අවස්ථාවේදී ද එම සුනඛයා ඊට ද සහභාගි වන අයුරු දක්නට ලැබුණි .
එම දූත පිරිසේ සාමාජිකයන් එම සුනඛයාට අප්‍රමාණ සෙනෙහසක් දක්වමින් සුනඛයාගේ පාද තවමින් සාත්තු සප්පායම් කරන අයුරු අයුරුද දක්නට ලැබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතාව ස්ථිරවම බලා ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න. මම හිතනවා ඒක තමයි මෙතැනදී කල හැකි ලොකුම පින.
තුට්ටු දෙකේ දේශපාලකයින්ගෙ අප්‍රසන්න ආභ්‍යන්තරික පුවත්/පොටෝ අතරේ මේ බලු තඩියාගේ පුවත සහ පොටෝ දැකීමද සිතට සහනයකි...
ප්‍රවෘත්ති ගුණයෙන් හෙබි ඉතා දුර්ලභ අවස්ථාවක්. කිලෝ මීටර් 150 ක් සපත්තු හෝ සෙරෙප්පු නොමැතිව පාරේ ඇති පීඩාද දරාගෙන මේ සතා පැමිණියා කියන්නේ අසාමාන්‍ය සිද්ධියක් බවයි පෙනී යන්නේ.පුංචි කකුල් හතර රිදිලා ඉදිමෙන්න ඇති.සත්ව කරුණාව ඇති කාරුණික අය සතාට සාත්තු කිරීම අගනා ක්‍රියාවක්.
බලු ආත්මයක ඉපදුනත් සසරෙන් මිදෙන්න පින් කරනවා වෙන්න ඇති
මම මෑතක සිට දකිනවා සුනඛයන්ගේ අමුතු හැසිරීමක් ඇත්තටම මේ සතුන් සුලු පවක් නිසා මෙහෙම තිරිසන් ආත්මයක උපන්නත් මොවුන් පෙර කුමක් හෝ කුසලයක් කරන්න ඇති .මෙහෙම දෙයක් දැනට අවුරුදු දහයකට පමණ පෙර මටත් අත් දකින්නට ලැබුනා අපි බෝධියක් රෝපණය කරන්න බෝ පැලයක් පෙරහැරේ වඩම්මවා යද්දී සුනඛයෙක් දිගටම පෙරහැරේ ගමන් කලා මේ කාලයේ සමහර පක්ෂීන් පවා නිනිවාස ආසනයේ රාත්‍රියේ ලැගුම් ගන්නවා දකින්නට පුළුවන්