(චමින්ද මුණසිංහ)
දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් මගින් විදේශ විනිමය පිරිමසා ගැනීමේ රජයේ උත්සාහය සඳහා සහයෝගය ලබාදීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය මෝටර් රථ ටයර් නිෂ්පාදන වාර්ෂික ධාරිතාවය සියයට 16 කින් ඉහළ නංවමින් සමාගමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ සැලසුම යටතේ වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ රේඩියල් (PCR/Van) ටයර් සංඛ්‍යාව 72,000 කින් ඉහළ නංවා තිබේ.
මෝටර් රථ ටයර් නිෂ්පාදනය පුළුල් කිරීමේ සමාගමේ 2021 සැලසුමෙහි පළමු අදියර මේ ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ සඳහා කැලණියේ පිහිටි සියැට් නිෂ්පාදන සංකීර්ණයේ අලුතෙන් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සවිකර තිබේ. මෙම නව ප්‍රෙස් යන්ත්‍ර දෙක ශ්‍රී ලංකාවේ සියැට් නිෂ්පාදන සංකීර්ණයේ සවිකර තිබෙන පළමු හයිඩ්‍රොලික් වර්ගයේ ප්‍රෙස් යන්ත්‍ර වන අතර මේ ආකාරයෙන් තාක්ෂණය ඉහළ නැංවීම නිසා සියැට් නිපදවන ටයර වල ගුණාත්මක තත්ත්වය තවත් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.
මෙම පුළුල් කිරීම හේතුවෙන් සියැට් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන මෝටර් රථ සහ වෑන් ටයර් සංඛ්‍යාව 500,000 ක් ඉක්මවන අතර වඩාත් ප්‍රචලිත අඟල් 12 සිට අඟල් 14 ප්‍රමාණයේ ටයර් මෙම නව යන්ත්‍ර වලින් නිපදවනු ලබයි. මෙම ටයර් Maruti 800, Suzuki Alto, Estilo, Wagon R, Omni, Swift සහ Liana, Mahindra Maximo, Nissan Sunny FB 15, FB 14, N 16, March, Bluebird සහ AD Wagon, Toyota 110, 121, Vios, Soluna, Starlet සහ Carina, Honda Civic, Hyundai Accent, Perodua (VIVA Elite) සහ Cherry QQ රථ වලට ගැළපෙන බව සමාගම සඳහන් කරයි. මෙම ටයර් සඳහා දේශීයව ඉහළ ඉල්ලුමක් තිබෙන අතර විශේෂයෙන්ම රජය විසින් තාවකාලිකව ටයර් ආනයනය කිරීම සඳහා පනවා තිබෙන තහනම හේතුවෙන් ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් තිබේ.
නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහනෙහි දෙවන අදියර ද ඉතාමත් ඉක්මනින් සිදුකරන බවත් ඒ යටතේ තවත් ටයර් ප්‍රෙස් යන්ත්‍ර දෙකක් සහ ටයර් ගොඩනැගීමේ යන්ත්‍රයක් සවිකරන බවත් සමාගම සඳහන් කරයි. මෙම පුළුල් කිරීම මගින් වසරකට නිපදවන රේඩියල් ටයර් සංඛ්‍යාව තවත් ටයර් 100,000 කින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවද සමාගම අනාවරණය කරයි.
මෙම පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවැසීය. ‘පසුගිය වසර පුරාම අපගේ දැක්ම වී තිබුණේ ආනයන අඩුකිරීම සඳහා ජාතික වශයෙන් ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට වෙළෙඳපොළ අවශ්‍යතාව තිබෙන ටයර් වර්ග සහ ප්‍රමාණවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටයි. මෙම අරමුණ වෙනුවෙන් ගෙන්වූ සමහර යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒම කොරෝනා වසංගතය නිසා පනවා තිබෙන සංචරන සීමා නිසා ප්‍රමාද වුණා. එහෙත් රේඩියල් ටයර් අමතර නිෂ්පාදනය දැන් සිදුවන අතර එම නිෂ්පාදන වෙළෙඳපොළට එකතුවනවා.’
ටයර් ආනයන සීමාවන් නිසා ට්‍රක් රථ, බස්, ත්‍රි රෝද රථ, මෝටර් රථ වෑන් ටයර් සඳහා දේශීයව ඇති වෙමින් තිබෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් පසුගිය වසරේදී සමාගමේ සියලුම නිෂ්පාදන කම්හල්වල ධාරිතාව පුළුල් කරන ලදී. ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් හරි අඩක් පමණ සපයන සියැට් සමාගම පසුගිය අගෝස්තු මාසයේදී පැවසුවේ මගී බස්රථ සහ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දේශීය ටයර් අවශ්‍යතාව සියයට 100 කින් සපුරාලීමට දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බවයි. මේ තුළින් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් ඉතිරකර ගත හැකියැයි ගණන් බලා තිබේ.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සියැට් ටයර් නිෂ්පාදනය 72,000කින් වැඩිකරයි