( රොමේෂ් මධුෂංක)
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කොට සිටියේය.
මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය.
පසුගිය 20 වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17 ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.
මෙහිදී සමූහ මිණීවලේ මේ වන විට මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකොට අවසන් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රි:පුර්ව 135 කාලේ දෙමල්ලු පලවා හරින්න දුටුගැමුණු රජුත්, 2009 කාලේ ලෝකේ බලගතුම ත්රස්තවාදී කියන හැඩි දෙමල්ලු නැතිකරන්න මහින්ද මැතිතුමාත් යුද්ධයක් කළ බව අමතක කරන්න එපා. උතුරේ වැසිකිලි වලක් හෑරුවත් ඇටසැකිලි හමුවෙනවා. ඒ නිසා ඇටසැකිලි හොයාගෙන post mortem තියලා රටේ සල්ලි කාදමන්න එපා...!
මීට අවුරුදු විස්සකට කලින් අපේ රටේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ 60000ක් අමු අමුවේ මරාදාපු හැටි මතක් වුණා...