Samsung නවතම Galaxy A52 සහ Galaxy A72 ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර තිබේ. ප්‍රබල කැමරා ආකර්ෂණීය නිමාව සහ අලංකාර තිරයක් සමගින් එන නවතම Galaxy A Smart දුරකථන පෙළ ස්මාර්ට් දුරකථන පරිශීලකයකු අපේක්ෂා කරන සියලු පහසුකම් ආකර්ෂණීය මිලකට ලබාදෙන බව එම සමාගම කියයි.
Galaxy A52 සහ Galaxy A72 Smart දුරකථන දෙකම සරළ මෙන්ම භාවිතයට පහසු Soft edge නිමාව අවම කැමරා ආවරණය සහ ආකර්ෂණීය වර්ණ සමගින් නිමවා ඇත. මෙම දුරකථන Awesome Black සහ Awesome Blue යන වර්ණවලින් වෙළඳපොළට පැමිණෙන අතර වෙනත් දුරකථන මෙන් නොව IP67 ශ්‍රේණිගත කිරීම සමගින් එන Galaxy A52 සහ Galaxy A72 දූවිල්ලට සහ ජලයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත බව සැම්සුන් සමාගම සඳහන් කරයි.
Super AMOLED Infinity – O තිරයෙන් බාධා නොමැතිව වීඩියෝ නැරඹීමට හැකි වේ. Nits 800ක දීප්තියක් ඇති බැවින් එළිමහනේ වුවද වීඩියෝ නැරඹීමට සහ සමාජ ජාලවල යෙදීමට බාධාවක් නොවේ. Galaxy A52 අගල් 6.7 ක තිරයකින් සමන්විත වේ.
Galaxy A52 හි ඇති 4500mAh බැටරිය සහ Galaxy A72 හි 5000mAh බැටරිය හේතුවෙන් කිසිදු බාධාවක් හෝ වේගය අඩු වීමකින් තොරව කැමති පරිදි දින 2ක් දක්වා දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබේ. එසේම මෙහි ඇති Adaptive Power Saving හැකියාව මගින් දුකරථනය භාවත කිරීමේ දී බැටරි භාවිත චර්යාවන් අධ්‍යයනය කර ඒ අනුව හැඩගැසෙයි. මෙම දුරකථන භාවිත කිරීමේ දී බැටරි භාවිත චර්යාවන් අධ්‍යයනය කර ඒ අනුව හැඩ ගැසෙයි. මෙම දුරකථන 2.2GHz octa – core Qualcomm Snapdragon 720G 8nm Processor මගින් බලගැන්වී තිබේ. ප්‍රබල gaming අත්දැකීමක් සහ වැඩි කාර්ය සාධනයක් සඳහා මෙහි Game Booster විශේෂාංගය ද අන්තර්ගත වේ.
Galaxy A52 GB+128GB කාණ්ඩය රු. 74,999ක් දGalaxy A72 8GB + 128GB කාණ්ඩය රු. 89,999/-ක් ද වන අතර ලංකාවේ ප්‍රථම වරට මෙම මිල කාණ්ඩය තුළ හඳුන්වාදෙන 8GB + 256GB දුරකථනය රු. 99,999/- කට ද ලබාගැනීමේ හැකියාව ඇත.
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.
ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම
බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අ
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහන ඉ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සැම්සුන් ගැලැක්සි A52 සහ A72 දැන් ශ්‍රී ලංකාවේ