IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෝමාවතියට යන පාරත් වැහෙයි

(නිමල් ජයරත්න සහ ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සෝමාවතිය, සුංගාවිල ප්‍රධාන මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ අඩි තුනක් පමණ ජලය යටවීමත් සමග එහි වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙන බව සෝමවතිය පොලිසිය කියයි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙන අතර සෝමවතිය සුංගාවිල මාර්ගයේ හතර කනුව ප්‍රදේශයේ මෙලෙස අඩි තුනක් පමණ ජලයෙන් යටවීමත් සමග 18 වෙනිදා සිට වාහන ගමනාකම කටයුතු නතර කර තිබෙන බව තිබෙන බව පොළොන්නරු ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.

මහවැලි ගඟ සුංගාවිල ප්‍රදේශයේ පිටාර ගැලීම හේතුවෙන් පොලිස් ස්ථානය ද ජලයෙන් යටව පවතින බව සෝ මාවතිය පොලිස් ස්ථානාධිපති ඊ.එම්.පී.ඒ. සෙනවිරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ වෙතත් සෝමාවතිය පුදබිම ජලයෙන් යට වී නොමැති අතර පුදබිමට ළඟා වීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස වැලිකන්ද, සිංහපුර මාර්ගය භාවිතා කළ හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

පොළොන්නරුව සුංගාවිල මාර්ගය සම්පූර්ණ වසා තිබෙන බවත්, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ වන පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුඩුල්ල, ඇතුළු සෙසු ජලාශ පිටාර මට්ටමේ පවතින බවද අලහකෝන් මහතා කීය.



අදහස් (0)

සෝමාවතියට යන පාරත් වැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site