(ක.ග.කරුණාරත්න)
නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද (11) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
එම මාර්ගයේ ස්ථාන කිහිපයක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවී පවතින බව සෝමාවතීය පුදබිමේ වැඩවසන හිමිවරු පැවැසූහ.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි එක් ලක්‍ෂ එකොළොස් දහස ඉක්මවා ගොස් ඇති හෙයින් එහි වාන් දොරටු 10 න් දොරටු 6ක් අඩි 2 බැගින් ද වාන් දොරටු 4 ක් අඩි අඩි 1 බැගින් ද විවෘත කර තිබේ.
අතිරික්ත ජලය පිටතට මුදා හැරෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකශ කළේය.
එමගින් තත්පරයකට ඝන අඩි 2150ක ජල කඳක් ජලාශවෙන් පිටතට යැවෙන බවද ඒ මහතා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෝමාවතිය පුදබිමේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවෙයි
wicky Tuesday, 12 January 2021 08:25 AM
වහින කාලේ වතුර අපතේ යවලා, නැවතිලා සතියක් යන්න කළින් කෑ ගහනවා වතුර නැහැ කියලා. අනේ මන්දා ඉතින්...