IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සෝමාවතියේ කඨින පූජෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 

(ක.ග. කරුණාරත්න)
 
ජාතික කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්‍වයෙන් ඓතිහාසික සෝමවතිය පුද බිමේදී අද (08) පැවැත්විණි.
 
සෝමවතිය රජ මහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.ඉන් පසු ඓතිහාසික සෝමවතිය රජ මහා විහාරාධිපති පහමුනේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජනාධිපතිවරයා විසින් සෝමවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුද්ධ පූජාව පිලිගන්වන ලදී.
 
පසුව ඉපැරණි චාරිත්‍රානුකූලව  කඨීන චීවරය පූජා කිරීමේ මහා පිංකම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය. ජනපති ප්‍රමුඛ පිරිස මහා සංඝ රත්නනය වෙත දානය පිළිගන්වා, අට පිරිකර පූජා කළහ. ජනපති බිරිය අයෝමා රාජපක්‍ෂ මහත්මියද ඒ අවස්ථාවට එක්ව සිටියාය.
 
පෙර රජ දවසින් පසුව කඨින මහා පුණෝත්සවයක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන ලද්දේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර බව කියැවේ.
 
සෝමවතිය රජ මහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල  මහ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මේ මහා පිංකම සඳහා ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය වැඩම කර සිටි අතර කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් පැනවී ඇති සෞඛ්‍ය පිළිවෙත් සහ නිරෝධායන නීති යටතේ එහි ආගමික වතාවත් සිදු කරනු ලැබූහ.
 
ඒ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, උතුරු මැද පලාතේ ආණ්ඩුකාර මහීපාල හේරත්, ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (5)

සෝමාවතියේ කඨින පූජෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

siri Sunday, 08 November 2020 01:57 PM

ඩොලර් 140 චීන කොරෝනා එන්නත ඔතන ඉන්න සේරටම ගහලා නැහැනේ... ඉතින් කෝ දුරස්ථභාවය? කෝ වගකීම?

:       0       0

kamal Monday, 09 November 2020 07:46 AM

දේශපාලනයට එක දාගන්න නෙමෙයි ආරාධනා කරලා තියෙන්නේ. ලංකාවෙ ඉන්න සිල්වත්ම බෞද්ධයා නිසයි.

:       6       0

Nihal Monday, 09 November 2020 09:33 AM

ජාතික කඨින උත්සවය ඉවර උනාට පස්සේ තමයි කඨින උත්සව සදහා සීමා පනවන්නේ....

:       0       6

Nihal Monday, 09 November 2020 09:37 AM

ජාතික කඨින උත්සවය ඉවර වුණාට පස්සෙ තමයි මතක් වෙන්නෙ කඨින උත්සව සදහා සීමා පනවන්න.

:       0       5

hitan-hutan Wednesday, 11 November 2020 03:04 PM

සාදු... සාදු ... සාදු ... කොරෝනා අස්සේ පැවැත්වූ අපේ ශ්‍රේෂ්ඨතම බෞද්ධයාගේ සංදර්ශනයට මුල්වුණේ අපේ බෞද්ධ මහජනයාට හදපිරි කණගාටුව පුදකරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site