ජී7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසයි.

රුසියානු බොරතෙල් සඳහා මිල සීමාව ඉකුත් 5 වැනිදා ක්‍රියාත්මක වූ අතර බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 60 කට වඩා නොගෙවිය යුතු බව ජී7 සාමාජික රටවල් එකඟ විය.

ජනාධිපති නියෝගයක් මත මෙම තහනම පනවා ඇති අතර පෙබරවාරි 1 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා මාස පහක කාලයක් තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මෙම තහනමට අයත් වන රටවල් වලට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබා දෙන විශේෂ අවසරයක් මත පමණක් බොරතෙල් මිලදී ගත හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

යුක්රේන යුද්ධය සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බොරතෙල් විකිණීමෙන් ලැබෙන අදායම යොදා ගන්නා බැවින් ජී7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා මිල සීමාවක් පැනවීමට තීරණය කළේය.

034