
(අංජුල මහික වීරරත්න)
සමලිංගික විවාහ ලංකාවේත් ප්‍රචාරය කිරීම සඳහා යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වී තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ බේරුවල දී පැවසූහ.
මෙවැනි දේ මානව අයිතිවාසිකමක් යැයි කියමින් සිටින බව කී අගරදගුරු තුමෝ ඒවා මානව අයිතිවාසිකමක් වෙන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් මෙසේ කීවේ බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී අගරදගුරු තුමෝ මෙසේද කීහ.
"අද තරුණ තරුණියෝ විවාහ ජීවිතය ගැන හරියට තේරුම් නොගෙන තමන්ගේ හැඟීම් වලට වහල් වී සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේ කටයුත්තේ යෙදී තිබෙනවා. ඒ නිසා එය බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය හුරු වෙන්න පටන් ගෙන තිබෙනවා.
ඒ වගේම අද විවිධ දූෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා.පිරිමි -පිරිමි දෙන්නෙක් විවාහ වෙනවා.ගැහැණු- ගැහැණු දෙන්නෙක් විවාහ වෙනවා.විදේශ රටවල සමලිංගික විවාහ පවා සිදුවන තත්ත්වයකට පැමිණ ඇති නිසා ලංකාවෙත් මෙවැනි දේ ප්‍රචාරය කරන්නට යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වෙලා තිබෙනවා.
මේක මානව අයිතිවාසිකමක් කියලා කියනවා.මේක මානව අයිතිවාසිකමක් වෙන්නේ කොහොමද?පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ කොහොමද?දරුවෝ ලබන්නේ කොහොමද? එදා ස්වාමිපුරුෂයා භාර්යාව පළමු වරට මුණ ගැසුණේ එක්කෝ සැමියාගේ ගෙදර. නැතිනම් භාර්යාවගේ ගෙදර.එදා මව්පියන් එකතුවෙලා කතා කරලා සිදු වෙච්ච විවාහ අද තියෙන තත්ත්වයට වඩා සාර්ථක විවාහ බවට පත්වෙලා තිබෙනවා.
ස්වාමිපුරුෂයෝ සහ භාර්යාවෝ තම තමන් යාළු වෙලා කසාද බැන්දාම ඒවා බිඳ වැටෙන අවස්ථා වැඩියි යනුවෙන්ද අගරදගුරු තුමෝ කීහ.
(ඡායා තුසිත කුමාරද සිල්වා)
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට