(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා සඳහා පිටත්කර යවන ලයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් ලබාගැනීම දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්ව ඇති බැවින් එවැනි හොර තක්කඩින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
දැනට කොරියාව, ඊශ්‍රායලය හා යුරෝපීය රටවලට රැකියා සඳහා යවන බව පවසමින් සිදුවන වංචනික කටයුතු සම්බන්ධයෙන්ද නීතිවිරෝධිව විදේශ ගතවී කරදරයට පත්ව ඇති පිරිස් සම්බන්ධවද බොහෝ පැමිණිලි ඇති බව ඇති බව අමාත්‍යවරයා කීය.
සමාජය කොතරම් දැනුවත් කලත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශ රැකියා ජාවාරම්වලට මිනිසුන් හසුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
“රැකියා බලාපොරොත්තුවෙන් වැරදි ක්‍රමවලට විදේශ රටවලට ගිය අය තමයි අමාරුවේ වැටුණට පස්සේ තානාපති කාර්යාල ඉස්සරහට ඇවිත් විවේචනය කරන්නේ කොයිතරම් එපා කිව්වත් සංචාරක වීසා අරගෙන රැකියාවලට යනවා. එහෙම ගිහින් අමාරුවේ වැටිලා ආණ්ඩුවේ මුදල් වලින් ආයේ එනවා. යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් හොට්ලයින් අංකයක් දාන්න. මේ හොරු වෙනුවෙන් පැමිණිලි කරන්න. එවිට ඔබ මෙයට සම්බන්ධ නැති බවට ඔප්පුකර හැක...
ස්මාර්ට් හොරු වර්ග කීපයක්ම ඉන්නවා. එක කාණ්ඩයක් මේක සුපිරියටම කරගෙන යනවා. එයාලා ස්මාර්ට් කියන ගොඩට වැටෙන්නේ මෙන්න මේ නිසා. 1. දැනටමත් එයාලාට නීත්‍යානුකූල විදේශසේවා නියෝජිත බලපත්‍රයක් තියනවා.. 2. කිසිම දවසක ලංකාවෙන් රැකියා වීසාවකට කෙනෙක් නොගිය රටකින් ගන්න රැකියා ඇණවුමක් වුණත් දැන්වීම් ඵලකරන්න සහ බඳවාගැනීම් සිදුකරන්න පුළුවන් විදියට විදේශ සේවා එකෙන් අනුමත කරගැනීමේ අරුම පුදුම හැකියාවක් මෙයාලාට තියනවා. 3. කිසිම දවසක ඔය කියන රටකට ජොබ් එකකට කෙනෙක් නොයවා ලස්සනට කෝටිගණන් හම්බ කරන විදිය මෙයාලා හොඳට ප්‍රගුණ කරලා තියෙන්නේ... ඇමැතිතුමන්ට ඇත්ත වුවමනාවක් තියනවා නම් මේ දේවල් අද වුණත් නවත්තලා දාන්න පුළුවන්... නිකන් මාධ්‍යවලට අදහස් දෙනවට වඩා දෙයක් ජනතාව එතුමාගෙන් බලාපොරොත්තු වෙනවා ඇති කියලා හිතනවා...
‘‘ස්මාට්..‘‘ තක්කඩි දේශපාලකයින්ටත් අහුවෙන්න එපා...