(විමුක්ති එස් රුද්‍රිගු)

හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගන්නා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ගණිත ගැටලුවක් යැයි පවසමින් එම විශ්ව විද්‍යාලයේ ලාංඡනය සහිත කොළ කැබැල්ලක ලියූ ගණිත ගැටලුවක් සහිත ඡායාරූපයකට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ නැවත වරක් විශාල අවධානයක් හිමිව ඇත.
මෙම ගැටලුව සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් සිසුන්ගෙන් සියයට 90 කට එය විසඳීමට අපහසු වී ඇතැයිද සමාජ මාධ්‍යයේ දැක්වේ. එම ගණිත ගැටලුවේ මෙසේ සඳහන් වේ "භාර්යාවන් හත් දෙනෙකු සිටින පිරිමින් හත් දෙනෙකු සිටී නම් එක් එක් පිරිමියාට සහ භාර්යාවට දරුවන් සත් දෙනෙකු සිටී නම් එතැන සිටින සම්පූර්ණ පුද්ගලයන් ගණන කොපමණද".
නමුත් අනෙක් ගණිත ගැටලු මෙන් නොවන මෙම ගණිත ගැටලුවට පිළිතුරු දෙකක් තිබේ. පළමු වතාවට මෙම ගණිත ගැටලුව 2021 වසරේදී සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති අතර නැවත වරක් මේ වනවිට එම ගණිත ගැටලුවට විශාල අවධානයක් හිමිව තිබේ.
නමුත් මෙම ප්‍රශ්නය කියවා තේරුම් ගන්නා ආකාරය අනුව සමාජ මාධ්‍ය පරිශීලකයන් විවිධ පිළිතුරු ලබාදී ඇති බවත් එම පිළිතුරු 21 සිට 448 දක්වා පාරසයකට දිව යන බවත් පෙනෙන්නට ඇත.
නමුත් එක් පිරිමියාට එක් භාර්යාවක් සිටින බවට තේරුම් ගතහොත් නිවැරදි පිළිතුර 63 ක් වන බවත් එක් පිරිමියෙකුට භාර්යාවන් 7 සිටින බවට තේරුම් ගතහොත් නිවැරදි පිළිතුරු 392 ක් බවත් ඒ සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම ගණිත ගැටලුවට නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසු කරුණක් බවද පැවැසෙයි.
සැබැවින්ම මෙය හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිත ගැටලුවක්දැයි සනාථ කිරීමට ක්‍රමයක් නොමැති බවද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
21, පිළිතුරයි. සියලුම පිරිමින් සිතන්නේ භාර්යාවන් ඔවුන්ට පමණක් අයිති බවයි, එබැවින් ඔවුන් එක් එක් භාර්යාවගේ දරුවන් ඔහුට අයිති බවට විශ්වාස කරයි. නමුත් සියලුම පිරිමින් සියලුම කාන්තාවන් සමඟ නිදා ගන්නා අතර සෑම කෙනෙකුටම 21 ළමයෙකු සිටී
ඩී.එන්.ඒ. පරික්ෂණයක් කළොත් ඔය ප්‍රශ්නය අහන්න වෙන්නේ නෑ...
63