(සුජිත් හේවාජුලිගේ)
හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ.
ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක් කල් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව යැයි කියති.
සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද පසුගිය කාලයේදී ඉවත්විය. දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි.
ඉකුත් 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවෙස ලබා දී ඇත.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම පාවිච්චි කරනු ලැබුවේ ද සම්බන්ධන් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙවී කොටි චූං කරනවා.
හා හා ජෙප්පෝ, අනුර කුමාර සම්බන්දන් නිලනිවාසයේ බින්න බැහැලා ඉන්න එක දකින්නේ නැහැ හැබැයි මහින්දගේ බල්ලා වත්තේ කොනක කැත කලානම් ඒක ආකිමිඩිස් යුරේකා යුරේකා කිය කියා දිව්වා වගේ බල්ලා ගේ කැත ගොඩ කියමින් රටපුරා දුවලා TV සංදර්ශනයකුත් තියලා.
උතුරේ දුක් විඳින ජනතාවට සේවය කරන්න නේ දෙයියනේ
ඔබ අපෙන් ගොස් ඔහුව එළවා දමනු ඇතැයි ඔබ අපේක්ෂා කරනවාද?
ලාල්කාන්ත අවු 19 ක් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසෙක.වසන්ත සමරසිංහත් එහෙමයි
දේශපාලුවෝ ඔක්කොම යාළුවො මල්ලී
එතකොට මුන්ට නීතී කෝ?
බමුනෝ, ඕවා හොයන්න කියන්න තමුන්නැහැලා පත්කරපු නායකයින්ට, මන්ත්‍රී කෙනෙක් නිල නිවාසෙක හිටිය එක හොයනවට වඩා රටේ හොර වංචා වෙනවා. අනෙක ඕවා හොයන්න රජයේ නිලධාරීන් ඉන්නවා නේද? රාජපක්ෂලා රටට කරපු විනාශය එක්ක බැලුවාම මේක මොකක්ද..!
මේ රටේ මහජන නියෝජිතයොයි කියන කිසිම කෙනෙක් ස්වෙච්ඡාවෙන් රට ගැන හිතන, රට සංවර්ධනය කළාම තමනුත් සංවර්ධනය වෙනවා කියලා හිතන්න තරම් බුද්ධිමත් නෑ. උන් ඔක්කොම මෙකට එන්නෙ තමන්ට සැප විඳින්න විතරයි.