(හේමලතා ඞී හේවගේ)

සඳලංකා නව විවිධ සේවා සමූපකාර සමීතියේ ප‍්‍රාදේශක 21 ක සඳහා කාරක සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා වූ නිළවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභිබවා ජාතික ජනබලවේගය ජයග්‍රාහණ කළේය.

එහිදී ජාතික ජනබලවේගයට සභිකයන් 61ක් තේරි පත් වූ අතර මෙතෙක් බලය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  හිමිවූයේ සභිකයන් 34 ක් පමණි.

මෙහිදී කඳානේගෙදර 09 ක් සහ පන්නල 12 ක් වශයෙන් ප‍්‍රාදේශය 21 ක සඳහා මෙම කාරක සභිකයෝ අනූපහක් 95 තේරී පත්වූහ.

සමගි ජනබලවේගය මේ සඳහා ඉදිරිපත්වී නොමැති අතර මසක් ඇතුලත සභාපතිවරයා ඇතුඵ අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර ගැනීමට නියමිතව ඇත.