(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
11 ශ්‍රේණියේදී පවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
දරුවන් අධ්‍යාපනයේ දී වයසට යෑම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා එවිට වයස පහළොවේදී අපොස සාමාන්‍ය පෙළ ලිවිය හැකි බවද ප්‍රකාශ කළේය.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් උසස් පෙළ විභාගය සඳහා දරුවකුට අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවද ඔහු සඳහන් කළේය.
අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවද ඔහු කීවේය
මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේද පැවසීය.
අපි යෝජනා කරලා තියෙනවා ෆ්‍රී ප්‍රයිමරි එක පටන් ගන්න. අවුරුදු 4 සම්පූර්ණ වෙන දරුවන් පෙර පාසල් ගත කරන්නම ඕන. ළමයි දෙසිය ට අඩු පාසල් හාරදාහක් තියෙනවා. ළමයි සීයට අඩු පාසල් 2900 තියෙනවා. ඉතාම පහසුවෙන් ග්‍රාමීය මට්ටමෙන් නොමිලේ ෆ්‍රී ප්‍රයිමරි එක කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන්. ජාතික අධ්‍යාපන ආයතනය වැඩසටහන හදලා ඉවරයි. ඒ හඳුන්වාදීම එක්ක තමයි දැනට 11 තියෙන සාමාන්‍ය පෙළ දහයට ගේන්න හදන්නේ. එතකොට අවුරුදු 4ක ඉඳලා ගණනය කරගෙන යනකොට දරුවෙක් අවුරුදු පහළොවෙන් සාමාන්‍ය පෙළ ලියනවා. දාහතේදී උසස් පෙළ ලියනවා එතකොට වයස්ගත වීම අඩු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සරලයි ..එතකොට වයස්ගත වීම අඩු වෙනවා.හිනාත් යනවා ,කමක් නැහැ කමක් නැහැ .හැබැයි ඕක පටන් ගන්න .මොන්ටිසෝරි ලමයින්ගෙන්ම ඉඳලා .එකපාරට OL ළමයින්ගෙන් පටන් ගන්න එපා
අපොස සාමාන්‍ය පෙළ විභාගය නැතිකර දාන්න. උසස්පෙළ විතරක් තිබුණාම ඇති...!
අපේ රටේ ඕනෑතරම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිත් තියෙනවා. නමුත් වෙච්චි අමුතු සෙතක් නම් දකින්න නැහැ. එන්න එන්නම ළමුන්ගේ විනය, සහකම්පනය වැනි ගුණාංග පිරිහෙනවා. ඇත්තටම සාමාන්‍ය පෙළ කියලා විභාගයක් ඕනෑම නැහැ. ඕස්ට්‍රලියාවේ වගේ 11 සහ 12 වසර දෙකේදී විෂයයන් 6 ක් පමණ ඉගෙන ගැනීමට සලස්වා, අඛණ්ඩ ඇගැයීම් ක්‍රමය හා අවසන් විභාගය යන දෙකේදීම ලබාගන්නා ලකුණු අනුව සිසුන්ගේ සාමාර්ථය ගණනය කරන්නේ නම් ඉතාම වැදගත්... එවිට ටියුෂන් තරුවලට ළමයින්ගේ ඔළුගෙඩි නරක්කරන්න මෙන්ම දෙමව්පියන්ගේ මුදල් සූරාකන්න ලැබෙන්නේ නැහැ. නමුත් කැටතියලා කියන්න පුළුවනි.. මේ ජරා අධ්‍යාපන ක්‍රමය කවදාවත් වෙනස්වෙන්නේ නැහැ. තව අවුරුදු සීයකින් බැලුවත් අපේ ළමයි අද වගේම ටියුෂන් බුවල්ලාගේ ග්‍රහණයේ ඉඳීවි....
6 සිට 9 දක්වා විෂයන් 13 කි.. 11 වසර සා/පෙළ ලියා උසස් පෙළ පටන් ගන්නේ මාස 8 කට පසුවය.. එදාට ළමයට උගැන් වූ මහාප්‍රාණ, විචාර, ආදි මානවකයා අවුරුදු ලක්ෂයකට පෙර කාපු දෝතලු ඇට, නිදා ගත්ත තැන ආදී දේවල් මතකත් නැත. වැඩකුත් නැත. මේවා අවශ්‍ය විෂය ධාරා වලට උසස් පෙලට දාන්න. සාමාන්‍ය පෙලින් උසස් පෙළට ළමයා මාරුවීම ක්‍රමවත්ව, සුමටව මෙන්ම කාලය නාස්ති වීමක් නැතුව සිදු කරන්න. අනවශ්‍ය බර ළමයින්ගෙන් ඉවත් කරන්න. සා පෙළ 10 වසරට ගෙන එන්නේ නම් එය ඉතා අගය කළ යුතුයි...
ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා OL, AL ලියලා ළමයි අවුරුදු 2ක් ගෙදර තියන එක නවත්වන්න. ප්‍රශ්න පත්‍ර සති දෙකෙන් බලනවා නම් ප්‍රතිඵල දෙන්න මාස 6ක් යන්නේ කොහොමද? එක මාසේ OL, AL තියන්න බැරි ප්‍රශ්නපත්‍ර ගබඩා කර ගන්න ඉඩ නැති හින්දාලු. අනේ මෙහෙම රටක්..!
ඒක හොඳ තීරණයක්. ලංකාවේ ටියුෂන් කඩ වසා දමන්න ඇමති තුමා යෝජනා නොකරන්නේ ඇයි..? ටියුෂන් ගුරාලා නේ දැන් ලංකාවේ ලොකුම කෙරුමෝ වෙලා ඉන්නේ... ළමයින්ගේ ඔලුවලට විෂබීජ දාන මොවුන්ට සම්මානත් දෙනවා අපි දකිනවා... මේ ටියුෂන් කඩ නිසා පාසල් දරුවන්ගේ විනය පිරිහිලා කියලා මේ රටේ වැඩිහිටියන්ට තේරෙන්නේ නැද්ද..? අනික පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තහනම් කල යුතුයි. එය කුඩා දරුවන්ට පීඩනයක් වැඩිහිටියන්ට උජාරුවක්...
ගිය මැයිවල ලියපු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තාම නැහැ... තවත් අලුත් දෙයක් කරන්නයි යන්නේ...
ඔක්කෝටම කළින් පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලු ටික ඉස්කෝලෙ යවලා එන්න...!