
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ අතර උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී..වී විග්නේෂ්වරන් මහතා නායකත්වය දරන තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය ඇතුළු උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ හතරක් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා මාලිමාව සමඟ එකතු වන්න. මාලිමාව යනු කණ්ඩායමක්. එය එක පුද්ගලයෙක් හෝ පවුලකට හෝ එක ජාතියකට සීමා වූවක් නොවේ. සියලුම ජාතීන්ට සමගිව ගමනක් යන්න හැකිවේවි.
ගොන් සජියාට නම් උදව් කරන්න එපා. බැරි වේලාවත් උතුරේ ඡන්ද වලින් දින්නොත් දකුණේ අපිට තමයි පරිප්පුව කන්න වෙන්නේ...!
රනිල් මහත්තයට සහය දෙන්න වෙන කවුරුත් නැහැ මේ වෙලාවෙ අනිත් උන් ඔක්කොමල කයිවාරු කාරයො විතරයි
ජෙප්පෝ දෙමළ ඡන්ද හිඟාකන හැටි දැක්කම හිනා යනවා. ඒත් කියන්න තියෙන්නේ උතුරු නැගෙනහිරවත් වතුකරේවත් ඡන්ද ජෙප්පන්ට නෑ.
සිංහල අපිට නැති ද්‍රවිඩ අයට විතරක් තියෙන ගැටළු ටික කියන්න පුලුවන්ද?