(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව රුපියල් හැට හතර ලක්ෂයක කොටස් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබුණත් සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

යම් ප්‍රතිලාභයක් ලැබී තිබුණේ 2014 වර්ෂයේ දී පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

සංස්ථාව 2019 වර්ෂයේ දී මූල්‍ය  ප්‍රකාශවල ආයෝජන වටිනාකම ගිණුම් ගත කළ ආකාරය සහ ආයෝජනයට අදාල කොටස් සම්බන්ධව ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් කර නොතිබූ බව  විගණන  නිලධාරීහු පවසති.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තා වේය.