(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුණගැසුණු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා පිළිබඳව සහ  ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි දුරට වටහා ගැනීමට මෙම හමුව සිදු වූ බව ද එම ආයතනය කළ නිවේදනයේ සඳහන් වේ.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයේදී මෙරට ඇති වී තිබෙන සංකීරණ අර්බුදය විසඳා ගැනීමට ඇමෙරිකාවේ සහාය හිමිවන බව නැවත වරක් අවධාරණය කෙළ්ය.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සමග දේශපාලන ප්‍රතිසංස්කරණද  ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන් බව එම නිවේදනයේ දැක්වේ.