(මනෝප්‍රිය ගුණසේකර)
එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වශයෙන් පත්වු බව කියන සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන්ට අදාළ තනතුරු වන කටයුතු කිරීම වළකාලමින් නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
සමන් රත්නප්‍රිය සහ සම්පත් රාජිත යන මහත්වරුන් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ තනතුරු සඳහා නිසියාකාරයෙන් පත්වු බවට සාධක නොමැතිවීම සහ අදාළ වෘත්තීය සමිති සම්මේලනය සතු විශාල මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් වල පාලනය සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න සහගත තත්වය සැළකිල්ලට ගත් දිසා විනිසුරුවරිය ලබන මස 06 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය නිකුත් කළාය.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලලිත් ඉන්දික මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමන් රත්නප්‍රිය” සම්පත් රාජිත සහ කම්කරු කොමසාරිස්වරයා නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය ඊළඟ ඡන්දයෙන් නැත්තටම නැතිවෙලා යන බව මොවුන් දන්නා නිසා දැම්ම ඉඳන් මොවුන් පක්ෂයට අදාල කනිෂ්ඨ සංවිධාන වල බලය අල්ලාගෙන ඒවායේ වත්කම් සුද්ධ කරන්න මරාගන්න හදනවා. මෙහෙමත් සත්තු ජාතියක් ලොවෙත් නැතුව ඇති.
මේ මිනිස්සු වෘත්තිය සමිති බදාගෙන කරන්නේ තමන්ගේ සාක්කු පුරවාගන්න එක කියලා දැන් රටටම පැහැදිලියි. හැම වෘත්තිය සමිති කාරයෙක්ම එහෙමයි. ඔවුන් රටට විනයක්...!