IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක්

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල සමුද්‍ර  කෞතුකාගාරයේ  ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි  2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක්  සිදුවි ඇති බැව් ජාතික විගණන  කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

කෞතුකාගාරයේ  ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි  සිදුවි  ඇති  මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික  විමර්ශන වාර්තාව අනුව  මෙම තොරතුරු අනාවරණය වි ඇත.

ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත  අහිමිකර ඇති  සමස්ථ ආදායම  රුපියල් 1,652,605 ක මුදලක් බවද  මෙකි වාර්තාවේ සදහන් වේ.

අලෙවිකළ ප්‍ර වේශ පත්‍ර ආදායම් පිළිබද  දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු  ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

 



අදහස් (1)

සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක්

සෙනෙවිරත්න Sunday, 09 June 2024 11:25 AM

මෙවැනි වංචා දිගින් දිගටම අහුවෙලත් හැමදාමත් වෙනවා. මේකට එකම විසඳුම කාඩ් මගින්, හෝ ඔන්ලයින් මගින් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමයි. ඕවා බලන්න එන අයට එහෙම බැරි නැහැ. රටේ අය පුරුදු කළ යුතුයි ඒවාට. මම පසුපස දිනක ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ හැම තැනම එහෙමයි කළේ... හැබැයි සාධාරණ ගණන්, විදේශිකයින්ට වෙනම වැඩි නැහැ. වැඩිහිටියන්ට අඩු තැන් තිබුණා. ප්‍රදීපාගාරයක් බැලුවා කිසිම හිරිහැරයක් නැහැ. ඒත් අපේ දෙවුන්දර ප්‍රදීපාගාරය බලන්න ලේසි නැහැ. මම කිව්ව ක්‍රමයට ටිකට් නිකුත් කලා නම් රජයට ආදායමක් ලැබෙනවා. ඒ රටේ වසර දෙසීයකට මෙහා ඉතිහාසයක් තිබුණත් තියෙන ඒවා මාකට් කරනවා... මෙහෙ එහෙම තැන් හමුදාව හෝ චීවර කාරයෝ අරක්ගෙන උන්දැලාගේ බූදල් කරගෙන... ඉතිං කොහොමද මේක ඉදිරියට යන්නේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site