(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය සමෘද්ධියේ ඉතුරුම් මුදල්වලට කිසිසේත්ම අත නොතියන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
සමෘද්ධි බැංකු ඈවර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයේදීය.
මෙම පනතින් කරන්නේ සමෘද්ධියේ විනිවිදභාවය ඇති කිරීම බවත් සමෘද්ධි ලයිස්තුව යාවත්කාලීන කිරීමද මෙහි තවත් අරමුණක් බවත් ඔහු සඳහන් කළේය.
සමෘද්ධිය ප්‍රතිලාභ බෙදා හැරීමට පමණක් තියෙන ආයතනයක් නොවේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සවිබලගැන්වීම එහි ප්‍රධාන අරමුණ යැයිද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සුබසාධන දීමනා වැඩි කිරීමට උපදෙස්දී ඇතැයිද ඔහු පැවසූවේය.
දේශපාලන මැදිහත් වීමෙන් තොරව සුදුසු පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දෙන ලෙස ඒ සංවිධාන ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ගිනිගත්තු නැවේ සල්ලි නම් අපි මාටියා ගහනවා...
සමෘද්ධි ඉතුරුම් කියන්නේ බදු සල්ලි නිකමුන්ට දුන්නු ඒවා නොවේද? මුලු සමෘද්ධි ව්‍යාපාරයම අහෝසිකර පිනට කන සේවක රැල රටට වැඩදායක වෑඩකට යොදාගන්න. නැතිනම් වන්දි ගෙවා අස්කරන්න.
ඕකෙ සත පහක් වත් නැතිව ඇති පහුගිය කොවිඩ් දවස්වල බෙදපු බෙදිල්ලට.මොනව උනත් මේ ඇමති කියන එක නොවෙයි වෙන්නෙ.