(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප සියලු දෙනාට හොරු කියමින් අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනපති කර්මාන්ත ඇමති ලෙස සිටියදී බියගම කර්මාන්ත පුරය ඇති කළ බවද දැන් ඒ වෙළෙඳ කලාප ක්‍රමය ඉවර වී ඇති අතර දැන් එතනින් එහාට යා යුතුව තිබෙන බව කීය.
නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුව ඇති බව කී මන්ත්‍රීවරයා විද්‍යා තාක්ෂණ පැත්ත ගත්තත් ලංකාව ඉන්නේ පිටිපස්සෙන් යැයිද අප අපටම දොස් කියා ගනිමින් ඉලක්ක සපුරා නොගනිමින් ඉන්නා බව අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට හොරා නොකියා වෙන මොනවා කියන්නද හලෝ
එදා මතකද ඔයාගේ ලොක්ක රනිල්ගේ නැටුම. රනිල් කේගහන්නේ "කොව්ද හොරා, ගෝලයෝ මහින්ද හොරා". අනිත් පැත්තෙන් මහින්ද කේගහන්නේ "කොව්ද හොරා, ගෝලයෝ මහ බැංකු හොරා" කියල. උඹලම උඹලා හොරා කියල පාර්ලිමේන්තුවේ සහතික කලා. දැන් අනුන්ට දොස් කියල හරි යන්න නැහැ. දැන් හොරු සේරම එකතු වෙලා.
සියලු දෙනාම හොරු... ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!!! හැතිකරේම තොලොන්චි වෙනවා.
ආපහු පිං ගොනා තප්පුලෑවා...!
තාකතාක්ෂණයෙන් පසු පස කියල අපට කියන්නෙ, පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක් නැකතට වැඩ කරන හනමිට්ටො උන් එක්කද විද්‍යාව දියුණු කරන්නෙ.
හොරාට හොරා නොකියා වෙන මොනවා කියන්නද, ඡන්දය තියන්න බය එවුන් ජනතාවගේ සාමකාමි උදඝෝෂණ තිරිසන් ආකාරයට මර්ධනය කරන එවුන්, ජනතාවගේ අදහස් දැක්වීමේ අයිතිය අහෝසි කරන්න කුමත්‍රණය කරන එවුන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන මරලතෝනී තියන එක තරම් විහිලුවක් ලොවෙත් නැහැ.
අනුර අයියා නම් අමාරුවේ දාන්න බැරිවෙයි... ඒත් මේ වහසිබස් දොඩන, සියල්ල නොරටුන් සතු කරන ඇමැති නම් රටේ සේරම අමාරුවේ දාලා බව කියන්න පුළුවන්... පුදුමේ තවමත් මේ ඇමැතිට කඩේ යන පිං හාමිලා ඉන්න එකයි...!
අපට මතකයි ඔයා ඒ දවස්වල පාපැදිය පැදගෙන එනවා... ගාල්ලේ හිටපු එයා නේද මේ කියලා හිතනකොට හරිම දුකයි.
මේ කතාවල ඇත්තක් නැතුවාම නෙවෙයි...!
බොරුකාරයෝ තෝරන තරඟයකදි, තරඟකරුවෙක් කිව්වලු මං බොරු කියන්නැ කියලා, එයා පලවෙනියා වුණාලු... ! හොරු කියනවා, අපිට හොරු කියලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න එපාලු - අනේ අනිච්චං...!
හොරු කවුද කියල බලන්න පුළුවන්... තමුන් 1989 ඡන්දේ ඉල්ලනකොට තිබුණු වත්කමත් දැන් තියෙන වත්කමත් හෙළි කරනවාද? ඒවා උපයා ගත්තු විදිය රටට හෙළි කරනවාද? එතකොට බලන්න පුළුවන් හොරා කවුද කියලා...
රටම හොරාකාලා, විනාශ කරපු, ආර්තික ඝාතකයෝ රකින පින් ජනපතිගේ කැරැට්ටුව ගැන නම් දන්නෝ හොඳාකාරවම දනිති...
පින් ඇමැතිකම්, ජනපතිකම් ගන්න එක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ? නූගත්කම පේනවනේ...!
හොරු පාර්ලිමේන්තුවට රිංගාගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමුත් හොරකම් කරලා...
’සැමට හොරු කියමින් ප්‍රජාතන්ත්‍රවාදය මළගමට තල්ලු කරනවා".... ඔව් ඔබතුමාල ඒක තමයි කරන්නේ. තේරුන එක ලොකු දෙයක්.