(විමුක්ති එස් රුද්‍රිගු)
සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.එම පිරිසෙන් සියයට 25 ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19 ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනස්ගාත ගැන සාමාන්‍ය මිනිස්සු නොදැන සිටීම ඒ මිනිස්සුන්ට තම ජීවිත පවත්වා ගැනීමට රුකුලක්. අනුන්ගේ ඕපාදුප හොයන, අනුන්ට මඩ ගහන, තම දේශපාලන විරුද්ධවාදීන්ට රටේ නැති කුණුහරුප කියන පිරිසට තමයි සමාජ මාධ්‍ය නිදහස ඕනෑ කරන්නේ...!
නිදහස හෝ භාෂණයේ නිදහස යනු අනුන් තලා පෙලා දමන, විරුද්ධ මත දරන්නන්ගේ ගෙවල් ගිනි තියන්න පිරිස් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඇති අයිතියක් යයි සිතන අමන පිරිසට තමන්ගේ කෙරුවාවේ බරපතලකම වැටහෙන්නේ ඒ අයටත් එම තත්ත්වය උදා වූ දාටයි.