
(අමිල චින්තක ගමගේ)
සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි. එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි.එමෙන්ම සම තුනීවීම ,ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි.
මේ නිසා ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසදිය කොහොමත් විෂයි, ඒක නිසා තමයි එදිනෙදා භාවිතා වන උණකටු උශ්ණත්වමාන වලට පවා සුදුසුම දියරය වන රසදිය ඉවත් කරලා මධ්‍යසාර යොදාගන්නේ. එවන් බියජනක දෙයක් ඇඟේ උලාගන්නවා කියන්නේ ඉතින් බඩුම තමයි. ප්‍රතිඵල තැපෑලෙන් ලැබෙයි...!