කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත.
වෛරසය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැති අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සහ එන්නත්කරණය අවම රටවල් තවමත් කොවිඩ් රෝගය හේතුවෙන් අවදානමේ පසුවන බව එම වාර්තාවල සඳහන් වේ.මතු වී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් බොහෝ පිරිසකට අඩු අවදානමක් ගෙන දෙන නමුත් කොටසකට දැඩි අවදානමක් ගෙන දෙන වෛරසයක් හසුරුවන්නේ කෙසේද යන්න බව විශේෂඥයෝ පවසති.දැඩි අවදානමට ලක් වන පිරිස බොහෝ පිරිස් අනුමානය කරනවාට වඩා වැඩි පිරිසක් බවද එම විශේෂඥයන් පවසා ඇත.
පසුගිය වසරේ ඇමෙරිකාවේ සිදු මරණ අතුරින් තෙවැනි ස්ථානයට වැඩිම මරණ ගණනක් සිදුව ඇත්තේ කොවිඩ් රෝගය නිසා බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.ඇමෙරිකාවේ පසුගිය දත්ත වලට අනුව කොවිඩ් රෝගයට ඉදිරියෙන් සිටින්නේ පිළිකා සහ හෘද රෝග පමණක් බව වෛද්‍යවරු පවසති.
034
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක්