IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෑම මන්ත්‍රීවරයකුටම බදු ලිපි ගොනුවක් අවශ්‍ය බව පොදුජන පෙරමුණ කියයි

(ඩයනා උදයංගනී)

සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

එමගින් රටට ආදර්ශයක් දීම වැදගත් බව කී මන්ත්‍රීවරයා එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගත්ත නම් තමයි ඉතා වැදගත් බව ද සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපතිවරයාට, මුදල් අමාත්‍යවරයාට, හිටපු අග්‍රාමාත්‍යවරයාට ආර්ථික අපරාධ චෝදනා නගලා චෝදනා නැගීම සාධාරණ නැතැයි කී විතානගේ මහතා මෙම ආර්ථික අර්බුදයට හේතුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2019 දී අනුගමනය කළ බදු අඩු කිරීම් බව ජාත්යවන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් බවද කීය.

බදු අයකිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා රාජ්‍යයට මුදල්, බදු ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා කීවේය.

රටේ අහිංසක ජනතාවගෙන් බදු එකතු කිරීමට ප්‍රථම රටට ලැබිය යුතු ආදායම් බදු පැහැර හරින ඉහළ පෙළේ ආයතන, සමාගම්වලින් ලබා ගන්නා බදු ලබා ගතයුතු බව ද සඳහන් කළේය.



අදහස් (2)

සෑම මන්ත්‍රීවරයකුටම බදු ලිපි ගොනුවක් අවශ්‍ය බව පොදුජන පෙරමුණ කියයි

de silva Tuesday, 13 September 2022 08:24 PM

ඔබලාගෙනේ ආණ්ඩුව.. ආණ්ඩුව පත්වෙලා අවුරුදු 2ක් වෙනවා. කියව කියවා ඉන්නේ කිසිම පියවරක් ගන්නේ නැතිව... ලැජ්ජා නැද්ද?

:       0       1

Perera Wednesday, 14 September 2022 12:53 AM

ලිපි ගොනු අරින්නෙ ජනතාව රවට්ටන්න මිසක් බදු ගෙවන්න නෙවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site