
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකටත් එන්න තහනම් වූ කෝප් කමිටුවට රංජිත් බණ්ඩාරගේ පුතා ඇවිත් වාඩි වී සිට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාට වත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ විපක්ශය, උගෙ පුතා වාඩි වෙලා හිටියානම් එ වෙලාවෙම එලියට දාන්න තිබුනා, දැන් මෙතන බොරුවට බුරනවා.
සභාපතිවරයාගේ පුත්‍රයා නොට්ටිගේ පුතා...!
පැරැණි කතාවක් තියෙනවා නේද දේවාලේ කපුවගේ පුතා දේවාලේ මළපහ කළාට කමක් නැහැ කියලා...
ජනාධිපතිගේ පුතා නීති විද්‍යාල විදුහල්පතිව ළඟින් වාඩි කරගෙන නීති විභාගයට ලිව්ව රටේ මේවා මොනවද?