
(ආරියරත්න රණබාහු)
අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාවයයි පැවසූ ඒ මහතා ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවද ඒ මහතා කීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘සභාපති වෙන්න නිමල්ට අයිතියක් නෑ‘‘
විදුර Friday, 19 July 2024 08:20 AM
ගංවතුර නිවාඩු අරගන්න අමතර නිවාඩුවක් දාලා ඔෆිස් යන්න ඕනැ. මේවා ඔන්ලයින් කරන්න බැරිද සාන්ත ?
පිටිගල මිලානෝ Friday, 19 July 2024 09:19 AM
රේස් බුකී කාරයෝ බෞද්ධ සම්මේලනයේ නායකත්වයද ගන්නවා පක්ෂ වල නායකත්වයටද පොරකනවා. මිනිස්සු යහමග යවන්නද මේ උත්සාහය….? එහෙමත් නැත්නම් රට දියුණු කරන්නද…?
ඇලපාත Friday, 19 July 2024 09:31 AM
නිමල් සිරිපාල 1994 රජය පිහිටුවන්න මහන්සිවුණු කෙනෙක් .ඒ වෙලාවේ ඔය කියන කෙනා හිටියේ එජාප සාමාජිකත්වය අරගෙන සංවිධායක කෙනෙක් හැටියට කියලා මතකයි 1994 නිමල් සිරිපාල ඇමැතිකමක් අරගෙන රත්නපුර සමගිපුර ප්‍රදේශයේ ජල කරාමයක් විවෘත කරන්න ඇවිත් හිටියා ඔහු බලන්න ඇලපාත කියල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩකල මහතෙක් ගියා ඉතින් පක්ෂයේ අයිතිය තියෙන්න ඕන එජාපයෙන් එලෙව්වාට පසුව රිලා ක්‍රමයෙන් පක්ෂයට පැමිණි අයෙකුටද නැත්නම් පක්ෂය රජ කරන්න දරදිය ඇද්ද කෙනෙකුටද කියලා සාධාරණව හිතා බලන්න
Lalla Friday, 19 July 2024 09:54 AM
කට්ටිය කා කොටාගෙන පක්‍ෂය දියකරපල්ලා. ලංකාව හිඟමනට පත්කරන්න මුල් පිරූ පක්‍ෂය. දේශීය ධනපතියන් විනාශ කර බස් සහ වතු ජනසතුකරනය කලා. ආර්ථිකය රාජ්‍ය කේන්ද්‍රීය කර ජනසතුකරනය මගින් ජඩයින්ට ගසාකෑමට දුන්නා. සිංහල පමණයි තීන්දුව දීල ජාතිභේදය රටේ වැපිරුවා. සිංහල භාෂාව පමණක්ම උගත් උපාධිධාරීන් රාජ්‍ය සේවයට පුරවා මෝඩ පාලන ව්‍යුහයක් ගොඩ නැගුවා.... රට විනාශ කරන්න ඕන දේ සේරම කලා...
visnuFriday, 19 July 2024 02:55 PM
ඔබගේ කීම නිවැරැදියි... අගය කරනවා...
Perera Friday, 19 July 2024 10:31 AM
රටේ ජනතාව කරුමක්කාරයෝ, ඔහෙලා තමයි රටේ හැම දේකටම උරුමක්කාරයෝ
wedage Friday, 19 July 2024 10:33 AM
ඉතින් පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්න එකනේ
ගමේ එකාලා Friday, 19 July 2024 12:05 PM
හැම ආණ්ඩුවකම ඇමතියා වෙලා,,වයසට ගිහිල්ලත් බල තණ්හාව ...යන තැනකට පිනක් දහමක් කරගෙන ඉන්ඩ බැරි හැටි.ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයිලූ?
R.T.sarath Friday, 19 July 2024 02:24 PM
රේස් බුකි සහ ධාර්මික නොවන ක්‍රම වලට හම්බ කරපු විශාල මුදලක් මෙයා ගාව තිබෙනවා , බලතන්හාව ඉහට ගහලා බුවල්ලෙක් වාගේ හැම එකේම එල්ලිලා ඉන්නවා, ඉස්සර පටන් මෙයා පතාල සෙට් එකක් නඩත්තු කරනවා , ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් විනාශ කලේ තවදුරටත් විනාශ කරන්නේ මොහු සහ ගෝලයෝ , කරුණාකර මොන පක්ෂෙන් ඉල්ලුවත් මනාපේ නම් දෙන්න එපා ,
විපරමා Friday, 19 July 2024 05:09 PM
රේස් බුකීකාරයා කලින් යූඇන්පීයේ හිටියේ. හිරේත් ගියා.. මහින්ද නිදහස් කෙරුවා. පස්සේ සන්ධාන ගත වුණා.. බුකීකාරයා හිතාගෙන ඉන්නේ පක්ෂයේ උරුමක්කාරයෝ ඔවුන් කියලා... බලාගෙන ගියාම මොවුන් කිසිම ලැජ්ජාවක් නැති කරුමක්කාරයෝ ටිකක්...