IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවැසීය.

යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත රෙජිමේන්තුව සන්තකයේ තබාගැනීමේදී යම් අපරාධයකට සම්බන්ධ සෙබළුන්ට විදෙස්ගතවීමේ හැකියාව ද අවහිර වන බව ගමගේ මහතා පැවැසීය.

එමෙන්ම බොහෝ යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගතවී ඇති අතර එවැනි විදේස් ගමන් බලපත්‍ර තෙවන පාර්ශවයක් අතට යෑමේ අවධානම ද අවම වන වරුණ ගමගේ මහතා කීය.

බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේදී හා සාමා සාධක බළකා සදහා විදෙස් ගත කිරීමේදී ඇති වන ගැටලු කාරී තත්ත්ව වළක්වා ගැනීම සදහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති අතර එම විදෙස් ගමන් බලපත ආරක්ෂිතව සහ සුරක්ෂිතව තබාගැනීමට රෙජිමේන්තු අණ දෙන නිලධාරීන්ගේ වගකීම වන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (14)

සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට

Prabath Sunday, 16 February 2025 05:47 PM

එහෙම කරන්න බැහැ. මේ ආණ්ඩුවේ හොර වැඩක් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. සියලුම සෙබළුන් මේ සඳහා විරුද්ධ විය යුතුයි.

:       23       103

ලාන්සර් කෝප්ප බකල ජයාSunday, 16 February 2025 10:09 PM

ඇත්ත තමා. එතකොට ටී පනස් හයක් හතක් අස්ථානගත කරල රට පයින්න බැරිවෙනව. මම විරුද්ධයි.

:       3       5

PereraMonday, 17 February 2025 05:44 AM

විරුද්ධ වුනා කියලා වැඩ වර්ජනය කරන්න හමුදාවලට බැහැ. එසේ නම්, අධිකාරියට යා යුතුයි

:       3       5

පිටරටවැසියා Sunday, 16 February 2025 08:38 PM

කිසිම ප්‍රශ්නයක් නෑ. විදේශ පුහුණුවීම් වලට ගිහිං රට පනින එක වළක්වන්න හොඳ ක්‍රමයක් ඒක ප්‍රායෝගික නම්...!

:       66       19

මනෝජ්Sunday, 16 February 2025 10:22 PM

පොඩ්ඩක් පැහැදිලි කරන්න, ඒ කියන්නේ රට යවන්නේ පාස්පොට් එක රෙජිමන්ට් එකේ තියාගෙනද?

:       1       4

Rakwidu Sunday, 16 February 2025 10:01 PM

හිමින් හිමින් ඒකාධිපති වියරුවක් කරා. අපි කිව්වා ඔය එන්නේ අන්තිම ජනාධිපතිවරණේ කියලා. එතකොට කිව්වා ඒකට කමක් නෑ අපි නම් මාලිමාවට කියලා. දැන් ඉතින් කාල වරෙන්කො. කොහොමද ඊළඟ ව්‍යවස්ථාවෙන් මාලිමාවේ එකෙක් සදානායක කරොත් චීනෙ වගේ. අපේ උන්ගේ සියලු අමාරු හොඳ වෙයි එතකොට.

:       3       11

මොනාද මේ වෙන්නෙ? Sunday, 16 February 2025 10:04 PM

සේරටම ඉස්සෙල්ලා මේ රටට හරි හමන් විපක්ෂයක් තියෙන්න ඕන. කොන්ද පණ නැති විපක්ශයක් නිසා අන්තවාදීන් රටේ බලය ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය වෙද්දී කතා කරන්න එකෙක් නෑ. ජාත්‍යන්තර මාධ්‍ය ගෙන්නල මේ වෙන දේ කියන්න මොකෙක් වත් නෑ. ඔහේ රටයි, ජාතියයි, ආගමයි විනාශ වෙන්න ඇරලා කට බලියන් ඉන්නව.

:       1       11

බණ්ඩා Sunday, 16 February 2025 10:54 PM

මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරිමකි. එපමණක් නොව ජාත්‍යන්තර නීති රීති වලටද පයින් ගැසීමකි. මෙවැනි තීරණ ගන්නා ගොබ්බයන් අධිකරණය හමුවට ගෙන ගොස් දඬුවම් කල යුතුය. අදාළ අංශ වහාම නඩුවක් ගොනු කල යුතුය.

:       1       9

Sam Monday, 17 February 2025 12:16 AM

හැඳුනුම්පත් එකතු කරපු පුරුද්ද වෙන්න බැරිද?

:       1       11

susa Monday, 17 February 2025 06:21 AM

හොඳ වැඩක් ගොඩක් අපරාධ කරලා රට පණින්නෙ පොලිස් සහ ආමි එකේ අය. මොකද ඒ අය ගාව වෙපන්ස් තියන නිසා අපරාධ කරන්න සහ අපරාධකරයන්ට උදව් කරන්න පුළුවන්. හොඳ ආමි පොලිස් අය මොකටද ඒකට බය වෙන්නෙ?

:       11       1

රම්බොඩ Monday, 17 February 2025 09:33 AM

මෙය මානව හිමිකම් වලට විරුද්ධ වැඩක්. කිසිම පුරවැසියෙකුගේ හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත අත්අඩංගුවේ තියා ගන්න බෑ මම දන්න හැටියට. මේ ගැන නීතිය දන්න අය කතාකරාවි. සහ මේ තීරණය හකුළාගනීවි.

:       0       12

Asanga Monday, 17 February 2025 09:47 AM

මේක නීති වීරොදි වැඩක්

:       0       10

Lalla Monday, 17 February 2025 10:32 AM

පසුගිය සියවස කාලේ මැදපෙරදිග රටවල සාමාන්‍ය සේවකයන්ට තිබුන තත්ත්වයක්.දැන් ඒ රටවල්වලත් නොකරන යල්පැනගිය ක්‍රමයක් අපේ හමුදාව වැනි ආයතනයක් ක්‍රියාත්මක කිරීම පුදුම සහගතයි.

:       0       12

Chinthana Monday, 17 February 2025 02:21 PM

මේජර් තනතුරට ඉහළ අයට ඒ නීතිය නෑ... නිලධාරිවාදය උපරිමේටම තියන ආයතනයක් හමුදාව කියන්නේ

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1288 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 467 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 616 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 182 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 416 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 368 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site