(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අනුරාධපුර දුම්රිය ස්ථානයේ රැඳී සිටි නාවික සෙබළෙකුට මත්වීමට සලස්වා නින්ද ගිය පසුඑම සෙබළා පැළඳ සිටි රන් මාලයඇතුළු රුපියල්364,000වටිනා දේපොළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
රන් මාලයට අමතරව ජංගම දුරකථනය සහ රුපියල් 2000ක මුදලක් ද මෙසේ සොරාගෙන ගොස් ඇති බව නාවික හමුදා සෙබලා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලීසිය කියයි.
මෙම නාවික හමුදා සෙබලා අනුරාධපුර දුම්රිය ස්ථානය අසල රැඳී සිටියදීහිතවත් වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට රට බීම වර්යක් එකක් පානය කිරීමට ලබා දී ඇතැයි පොලිසිය කියයි.
එමබීම පානය කිරීමෙන් පසු නාවික සෙබලා මත් වී නින්දට වැටීමෙන් පසු මේවා සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර දුම්රිය ස්ථානයේ පොලිස් මුරපලක් තියනවා නේද?
සෙබලෙක් නෙමෙයි මෝලෙක්
ඒ්කා පට්ට මෝඩ සෙබලෙක්
හමුදා සෙබෙලෙක් කියන්නෙ සාමාන්‍ය ජනතාවට වාඩා විශෙශිතවු පුහුනුව ලද සුහුරු පුද්ගලයෙක්. මුරපොලක හිටියනම් තුවක්කුවත් බිලි දීල ඇති.