IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සබරගමුවට - මධ්‍යම පළාත්වලට තද වැසි

(ලසන්ත නිරෝෂණ පෙරේරා,  සුදත් එච්.එම්.හේවා සහ  සුදත් එස් කුමාරසිරි) 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑම්වලට සහ සබරගමුවේ තැන් කීපයකට ඇද හැළුණු තද වර්ෂාවෙන් පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වේ ගඟ පිටාර ගැලීම නිසා කහවත්ත ඕපනායක, හුණුවල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.

ඕපනායක හත්තැල්ල මාර්ගය ජලයෙන් යටවීම නිසා දන්දෙනිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම යටවිය.

වේ ගඟේ ජල මට්ටම අඩි 18ක් ඉක්මවා තිබූ බව  වාරි කාර්යාලය පවසයි. වේ ගඟේ ජල මට්ටම අඩි 10 පසු කළ විට ගංවතුර අවදානමක් පවතින බව රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය කියයි

මේ අතර  විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම අද (11) සවස ආම්භ වූ බව ජලාශ බාර ඉංජිනේරු කාර්යාලය කියයි.

ජලාශය වාන් දැමීම නිසා කැලණි ගඟේ ජලමට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බව ද  විමලසුරේන්ද්‍ර ජලාශය බාර නිලධාරියෙක් පැවැසීය.

කොත්මලේ ගැරඬිඇල්ල උතුරා යාම නිසා මහනුවර නුවරඑළිය මාර්ගය  යටවිමෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල විය.



අදහස් (0)

සබරගමුවට - මධ්‍යම පළාත්වලට තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site