
(රන්ජන් කටුගම්පොල)
සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ජයනි වල්ගම්පාය මහත්මිය මේ බව දැනුම් දුන් අතර කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම අගෝස්තු 29 වැනිදා කැඳවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සියදිවි නසාගත් සිසුවාගේ මව්පියන් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් යළි නොතීසි නිකුත් කළේය.
පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා ගොනුකරන ලෙස අධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය සහ ලේකම් චරිත් ගල්හෙන යන මහත්වරු ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් සබරගමුව විශ්ව විද්‍යාලය උපකුලපතිවරයා, සනාථන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ