(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි 17 ලක්ෂයක මුදලක් වංචා කළැයි කියන අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරිය මස 23 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පිළියන්දල මකුළුදූව මිහිර මාවත පදිංචි දුමාන් කෝරලගේ ශ්‍රියානි ලතා පෙරේරා නැමැති පනස් තුන් හැවිරිදි කාන්තාවකි.
පක්ෂයේ විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා මුදල් ප්‍රමාණයක් ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වංචා කර ඇති බව ලද පැමිණිලිවලින් සනාථ වන බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.
සැකකාරිය වංචාවට හසුවූ කාන්තාවන් එකොළොස් දෙනකු පොලීසියට පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලමු... බෝඩ් අල්ලාගෙන අරගල විහිලුව කාලේ ගෝල් ෆේස් එකේ මෙයත් හිටියා.. දමිතලා, රැට්ටලා, බැට්ටලා එක්ක...
සජපෙ ඡන්දෙ ඉස්සෙල්ලාම ඉල්ලුවේ පාර්ලිමේන්තු ඡන්දෙ... 2019 දී ඊට පස්සේ පළාත් පාලන ඡන්දයක් තිබ්බේ නෑ. ඒක නිසා හිටියේ එජාප නාගරික මන්ත්‍රීලා විතරයි. අනික මහමැතිවරණයේදී සජබෙන් ඡන්දෙ ඉල්ලපු සේරම පළාත් පාලන නියෝජිතයින් සේරම පක්ෂය අස්කරන්න එජාපය තීරණය කළා. ඉතින් මේ නාගරික මන්ත්‍රීනිය එජාපය නොකියා සජබය කියන්නේ කුහකකමට නේද?
කොහොමද බලය ආවානම්...? පොදු ජන විශ්වාසය සියලු දේශපාලකයෝ හොරුය යන්න සනාථ කිරීමට තව සාක්ෂියක්...