
(අංජුල මහික වීරරත්න)
සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රටේ ගොඩ නඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

COMMENTS
පුස්තකාල ගිනි තියපු වධකාගාර තිබුණු අය..!
ප්‍රජාතන්ත්‍රවාදී රටක සැබෑ ජනතා නායකයින් යනු මිනීමරු, කුරීරු වධකාගාර පවත්වාගෙන යන අසහනකාරී මිනීමරුවන් නොවේ...
හැකිතරම් ජනතා මුදල් රටේ සම්පත් සොරාගැනීම ඔබතුමන්ලාගේ අනුගාමිකයන්ගේ විප්ලවයයි. තවදුරටත් වංචා, දූෂණ කරන ඔවුන් නොදැක්කා සේ සිටිමින් ඔවුන්ගේ තනතුරේ සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සැලසීම නියම විප්ලවයයි.
83, 88, 89 කාලේ මොකද වුනේ මහත්තයා.. ඒ කාලේ ඇමැති කෙනෙක් නේද..?
අපි නිකම් ගණන් බලමු .මෙතැනට බත් පැකට් කීයද? කසිප්පු බෝතල් කීයද? සෙනග අදින්න පුද්ගලික බස් කීයද?