(නිමල් ජයරත්න)
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට සිදුකළ අලාභහානිය වෙනුවෙන් වන්දි ගෙවීමට ඔවුන්ගේ මවුපියන් විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු වූ බව මනම්පිටිය පොලිසිය කියයි,
මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානිකෙරු සිසුන් හය දෙනෙකු සහ ඔවුන්ගේ මව්පියන් පොලිසියට කැඳවා අවවාද කිරීමෙන් පසු සිසුන්ගේ මව්පියන් දරුවන් විනාශ කරන ලද පොදු දේපොළ 12 වැනිදාට පෙර නැවත තිබූ පරිදිම සකස්කර දීමට පොරොන්දු වූ බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුගේ කණ්ඩායමක් විද්‍යාලයේ පන්ති කාමරවල තිබූ උපකරණ, විදුලි පංකා, මෙන්ම විද්‍යාලයේ වැසිකිලිවල දොරවල් කඩා දේපල රැසක් විනාශ කිරිම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ,
අනතුරුව අදාල සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් මනම්පිටිය පොලිසියට කැඳවා සිසුන් විනාශ කර දැමූ සියලු පොදු දේපල තිබූ පරිදිම සකස් කරවීමට මවුපියන්ට මනම්පිටිය පොලිසිය විසින් උපදෙස් ලබාදී තිබෙන අතර එසේ නොකළහොත් පොදු දේපල විනාශ කිරීම යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිසිය මව්පියන්ට දන්වා තිබේ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ වැඩක්, ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම හොඳ නරක කියාදෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්... ළමුන් නොමග යන්නේ දෙමව්පිය වරදින් මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි.
මේ තක්කඩියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. විනයක් නැති පිරිසක් නිසා පාසල් විනාශ වෙමින් පවතිනවා.
මේක නිකම්ම වන්දි ගෙවලා අමතක කරලා දාන්න ඕනෑ සිද්ධියක් නොවෙයි. මේ ළමයින් හය දෙනා විභාගයෙන් පසුව මේ වගේ උමතු විකාර තත්වයට පත්ව කටයුතු කළේ ඇයි කියා පළපුරුදු මනෝ චිකිත්සකයින් කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කර හේතුව කෙසේ හෝ සොයාගත යුතුයි. හිතාගන්නවත් බැහැ. පුටු කඩලා, ලයිට් කුඩු කරලා, ෆෑන්වල තටු පවා අඹරලා. හරියට හොරර් ෆිල්ම් එකක වගේ. මේ තත්වය අනිත් ළමයින්ටත් පුරුදු වුනොත් ඉදිරියේදී සුව කල නොහැකි විශාල සමාජ ව්‍යවසනයක් ඇතිකරාවි.
අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. දිඹුලාගල කියන්නේ අන්ත දුෂ්කර ජීවන තත්වයක් තියෙන ප්‍රදේශයක්. එහෙම තියෙද්දීත් ළමයි මේ වගේ හැසිරෙනවා නම් එහි වගකීම දෙමාපියන් බාරගත යුතුයි.
තමන් ඉගෙනගන්න හෝ ඉගෙනගත්ත පාසලේ දේපල විනාශ කරපු මේ වගේ පාදඩයින්ටද රටේ අනාගතේ බාර දෙන්න කියන්නේ? මොවුන් තමයි අන්තරේට එකතු වෙන්නේ. කාලකන්නි...
ගුරුවරු ජවිපෙට ගියා, පාසල් බල්ලට ගියා, විශ්ව විද්‍යාල වල ජවිපෙ කරන ප්‍රචණ්ඩ ක්‍රියා පාසල් වලට ආවා...
මේ ළමයින්ට කුමක් හෝ දඬුවමක් දිය යුතුයි.
මගේ මතය මේවාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ පොඩි දරුවන් නොවන අතර, සමාවක් දිය හැකි වරදක්ද නෙමෙයි. දෙමවුපියන්ද මෙවැනි පාදඩ ක්‍රියාවන්ට පළි නැහැ... පව් ඒ මිනිසුන්...
පාසල් අස්වීමේ සහතිකය දී දඬුවම් දිය යුතුයි...
එතකොට අර පාර්ලිමේන්තුව ඇතුලේ කරපු මහජන දේපළ අලාභ හානිවලට වන්දි අයකර ගත්තද කඩපු අයගෙන්...?
මොවුන්ට ළමයි කියන්න එපා... ඒක ළමයින්ට කරන අගෞරවයක්... අවජාතක හැතිකරේ... මොවුන්ට උගන්නන්න නෙවෙයි තියෙන්නේ, පස්සට පයින් ගහලා එලවන්න ස්කෝලෙන්... චණ්ඩි වෙන්ඩ හදන අසමත්ජාති සුනඛයින්... තුහ් විතරක් ..
මුදල් ගෙවලා පමණක් බේරෙන්න බැහැ... දඬුවමකුත් අවශ්‍ය වෙනවා. මේ සිසුන් ප්‍රාදේශීය සභාවකට අනුයුක්ත කර සතියක් කසල ශෝධකයන් ලෙස රාජකාරියේ යෙදවූවා නම් ඉතා වටිනවා. දියුණු රටවල දඬුවම් ගැටවර වියේ තරුණ තරුණයන්ට ලබාදෙනවා.