IMG-LOGO

සාපෙළ ඉවරවී සිසුවා මරුවා හා යයි

(කුෂාන් ජයවර්ධන)

සාමාන්‍ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්  පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි.

ඉපලෝගම දී මෙම මාරක යතුරු පැදි අනතුර සිදුව තිබිණ.

මෙම අනතුරින් යතුරුපැදිවල ගමන් ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එහිදී ප්‍රදේශවාසී පියවර ගෙන තිබිණ.

පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් සිසුවකු අද(09) උදෑසන මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (3)

සාපෙළ ඉවරවී සිසුවා මරුවා හා යයි

ajith Friday, 09 June 2023 02:20 PM

සාමාන්‍ය පෙළ සිසුවෙක්ට යතුරු පැදියක් සඳහා බලපත්‍රයක් ගත හැකියිද?

:       0       17

de silva Friday, 09 June 2023 06:16 PM

රියදුරු බලපත් නොමැති ළමුන් සිකූටි මහා මාර්ගයේ පැදවීම පාරේ ගමන් යන පදිකයින්ට සහ වාහන වලට දැන් විශාල ප්‍රශ්නයක් වෙලා...

:       0       10

පිටිගල මිලානෝ Saturday, 10 June 2023 12:50 PM

ස්කූටි පදින නංගිලා, ඇන්ටිලා සහ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ලංකාවේ මරණ බොහෝමයකට වගකිව යුතුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site