(කුෂාන් ජයවර්ධන)
සාමාන්‍ය පෙළ විභාගය නිමාවී යතුරු පැදියකින් නිවසට යමින් සිටි පාසල් සිසුන් දෙනකු ගමන්ගත් යතුරු පැදියක් හා තවත් පාසල් සිසුවියක පැදවූ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවකු හා සිසුවියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය කියයි.
ඉපලෝගම දී මෙම මාරක යතුරු පැදි අනතුර සිදුව තිබිණ.
මෙම අනතුරින් යතුරුපැදිවල ගමන් ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එහිදී ප්‍රදේශවාසී පියවර ගෙන තිබිණ.
පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් සිසුවකු අද(09) උදෑසන මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙළ සිසුවෙක්ට යතුරු පැදියක් සඳහා බලපත්‍රයක් ගත හැකියිද?
රියදුරු බලපත් නොමැති ළමුන් සිකූටි මහා මාර්ගයේ පැදවීම පාරේ ගමන් යන පදිකයින්ට සහ වාහන වලට දැන් විශාල ප්‍රශ්නයක් වෙලා...
ස්කූටි පදින නංගිලා, ඇන්ටිලා සහ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ලංකාවේ මරණ බොහෝමයකට වගකිව යුතුයි....