(ඩී.ජී.සුගතපාල)
අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවකු අද සවස දියේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි අතුරුහන්ව ඇත්තේ කුරුණෑගල නයිලිය පහලගම බොයගනේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා ඇතුලු 41 දෙනකුගෙන් යුත් සිසුන් සහ මව්පිය කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පංති පවත්වන ගුරුවරයකු සමග සංචාරයක් සඳහා ගාල්ලට පැමිණ ඇත.
එසේ පැමිණ අද සවස තල්පේ ප්‍රදේශයට පැමිණ මුහුදේ නාමින් සිටියදි මෙම සිසුවා දියේ ගිලි අතුරුදහන්ව ඇත.
නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් දිය් කර ඇතත් මේ වනතුරු සිරුර සොයා ගැනිමට නොහැකිවි ඇත. නාවික හමුදා නිලධාරියකු පැවසුවේ මුහුදේ ප්‍රචණ්ඩත්වය නිසා කිමිදිමට අපහසුවක් ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානම් බව දැන දැනත් පීනන්න යනවනනේ. හැමදාම පීනන්න ගිහින් සිදුවෙන අනතුරු ගැන කොතෙකුත් අහන්න ලැබෙනවා. විනෝද චාරිකාව සංවිධානේ කරපු අය ඔක්කෝටම හපන්...?
මොනතරම් මාධ්‍යවලින් උගුර ලේ රහ වෙනකම් කියනවා මේ දවස් වල අනතුරු ඇති තැන්වල නාන්න එපා කියලා. මේවාට වග කියන්න ඕනෑ සංවිධානය කරපු වැඩිහිටියෝ...