(එම්.සුසිල් පියන්ත)

අපොස සාමානය පෙළ විභායට  පෙනී සිට නිවස කරා යමින් සිසුවකුට එම විදුහලේම විභාගයට පෙනී සිටි තවත් සිසුන් දෙදෙනකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බද්දෙගම පොලීසිය කියයි.

පහර කෑ සිසුවා හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේම පදිංචි  සිසුවකු බවත් පොලීසිය කියයි.

සැකකාර සිසුන් දෙදෙනා තවම අත් අඩංගුවට නොගත් බවත් ඔවුන් දෙදෙනාම  අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය කියයි.

සාමනය පෙළ විභාගය අද(8) නිමාවූ බවත් පරණ කෝන්තරයක් මත මේ සිසුවාට සැකකාර සිසුන් දෙදෙනා පහර දෙන්නට ඇති බවත් පොලීසිය කියයි.