
මේ වනවිට වාර්තා පිට වාර්තා තබමින් ලොව පුරා තිරගත වන ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ, ප්‍රඡාන චරිතයට පණ දෙන, ජනප්‍රිය තෙලිගු නළු අල්ලු අර්ජුන් පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ඇප මත නිදහස් කෙරුණි.
අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගැණුනේ, ‘පුෂ්පා 2’ චිත්‍රපටයේ මංගල දර්ශනයකට අල්ලු අර්ජුන් සහභාගී වූ අවස්ථාවේදී, ඔහුගේ රසික රසිකාවියන් පොරකමින්, ඔහු දැක ගැනීමට උත්සාහ ගනිද්දී, එතැන සිටි එක් කාන්තාවක් තෙරපී මියයෑම සහ ඇගේ දරුවා තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි. මියගියේ රේවතී නමැති 39 හැවිරිදි කාන්තාවකි.
තෙරපීම සිදුවෙද්දී, එම මංගල දර්ශනයට, අල්ලු අර්ජුන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ස්නේහා රෙඩ්ඩි සහ ‘පුෂ්පා’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි රශ්මිකා මන්දනා ද සහභාගී වී සිටියහ.
මියගිය රේවතීගේ සැමියා සහ ඥාතීන් විසින් අල්ලු අර්ජුන් චූදිතයකු ලෙස නම් කරමින් පැමිණිල්ලක් ගොනු කරන ලද අතර, ඒ අනුව, හයිද්‍රාබාද්හි ප්‍රාදේශීය අධිකරණයක් අල්ලු අර්ජුන් දින 14 ක අධිකරණ භාරයට යවන ලදී.
කෙසේ නමුක් පසුව, තෙලන්ගානා මහාධිකරණය අතුරු ඇපයක් මත අල්ලු අර්ජුන් නිදහස් කරනු ලැබූ අතර, නිදහස ලැබීමෙන් පසු මාධ්‍ය හමුවට පැමිණෙමින් අල්ලු අර්ජුන් කියා සිටියේ, මියගිය එම රසිකාවිය සහ ඇයගේ පවුලේ අය වෙනුවෙන් තමන් දැඩි ලෙස ශෝකය ප්‍රකාශ කරන බවත්, ඔවුන් වෙනුවෙන්, පෞද්ගලිකව තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරන බවත්ය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1321
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන්ට ඇප