
(යොහාන් භාසුර)
මෙම වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීම් නොකරන බව බලශක්ති සහ වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී බලශක්ති, වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එසේ පැවසීය.
ජනනන වියදම ඉහළ යෑමත් සමඟ විදුලි ගාස්තුව සියයට 18 කින් වැඩිකිරීමට සිදුවූ බවත් අමාත්‍යංශය හැටියට බලශක්ති අමාතයංශය කළ ඉල්ලීමකට අනුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි කාලයේදී මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ වර්ෂාව සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තු තැබිය හැකි බවත් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ද සුබදායි ආකාරයෙන් පහළ යාමක්ද සිදුවිය හැකි බැවින් සැප්තැම්බර් වෙනත් විදුලි ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන මිල ඉහළ යාම, කාලගුණයේ වෙනස්කම් විදුලි බිල සදහා බලපෑම් ඇති කළ ද රජයක් ලෙස එම බලපෑමේ පීඩනය සම්පුර්ණයෙන්ම ජනතාව පිට නොදමන බවත් ඉන් කොටසක් රජය ද දරණ බවත් ඔහු කීය.
ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කළ කිව්ආර් ක්‍රමය සම්පුර්නණයෙන්ම ඉවත් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද කී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ රටේ ඉන්ධන සංචිත කළමනාකරණය සදහා මෙම ක්‍රමය ඉදිරියට ද පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.
කිව්ආර් ක්‍රමවේදය විශේෂයෙන් අවශ්‍යවශ්‍ය වූයේ අනවශ්‍ය ආකාරයට ඉන්ධන භාවිතය යම් විදිහකට සීමා කිරීමට වන අතර ඒ වගේ ඉන්ධන ගැටලුව නිසා අනවශ්‍ය මිලදීගැනීම් පාලනය කිරීම, අනවශ්‍ය පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල ඇති වීම වළක්වා ගැනීමට බවත් ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නොමැති වුවහොත් විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා අනවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් රටෙන් පිටතට ගලා යාම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් සීමාවක් කළයුතු බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd