IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සප්ත කාන්‍යාවට ගිය හයක් අල්ලයි

(රංජිත් රාජපක්ෂ)

දිවයින තුල බිහිසුණුම ගුවන් අනතුර සිදු වු නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට නිසි අවසර පත්‍රයක් නොමැතිව ඇතුල් වි රක්ෂිතය තුළ දින කිහිපයක් කදවුරු බැද සිටි වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු හය දෙනකු  අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු සහ ඔහුන්ගේ හිතවතුන් තිදෙනකු ඉකුත් (02) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි ඇති අතර , පසුව එම පිරිස අතුරුදහන් වි ඇති බවට ලද තොරතුරක් මත නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් අතුරුදහන් පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

එම මෙහෙයුම අතරතුර අවසරයකින් තොරව සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි සිටි හයදෙනා රක්ෂිතයෙන් පිටතට පැමිණි අවස්තාවේ අත්අඩංගුවට ගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

 



අදහස් (2)

සප්ත කාන්‍යාවට ගිය හයක් අල්ලයි

Thilak Kumara Tuesday, 06 December 2022 03:07 PM

සංචාරක ප්‍රවර්ධනය, තිරසාර සංචාරක ව්‍යාපාරය, සංචාරකයින් ආකර්ෂනය කර ගැනීමේ වැඩපිළිවල???? හොඳයි නේද? ඇතුලුවෙන තැනම වනජීවී කාරයාලය තියෙද්දි සල්ලි නොදී හොරෙන් ඇතුළුඋනාට හොඳම වැඩේ. අපි සංචාරක ව්‍යාපාරය දියුනු කරන්නනම් කැලේට ඇතුලුවෙනඑක නවත්වන්නම ඔනෙ

:       0       2

Bamunuarachchi Wednesday, 07 December 2022 07:17 AM

කැලේට යන්නත් අද ලයිසොන් ගන්නට ඕනෙද රාළහාමි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site