( තිළිණි ද සිල්වා)
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර ගැනීමට දක්වන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රුසියානු රජයට ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කර සිටී.
රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී අමාත්‍යවරයා මෙලෙස ස්තූතිය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
එසේම, ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය සදහා රුසියාවෙන් ලබා දෙන සහයෝගයද අමාත්‍යවරයා මෙහිදී බෙහෙවින් අගය කළේය.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර වෙළද ආර්ථික හා කාර්මික යන ක්ෂේත්රවල සහයෝගීතාව පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කීරිමටද මෙම දුරකථන සාකච්ඡාවේදී දෙපාර්වශ්යම එකඟතාවයකට එළඹ තිබේ.
තවද, විදේශ අමාත්‍යාංශ අතර ද්විපාර්ශ්වික උපදේශන මෙන්ම වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිෂන් සභාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී අදහස් හුවමාරු හුවමාරු කර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නත් හැමදාම ඕන වෙන්නේ නැති වෙයි. මේ වසංගතය කෙටි කාලීන දෙයක් විය යුතුයි
කලකට පස්සේ මෙතුමාට යමක් කරන්න හිතිලා.. හොඳයි හොඳයි. එතකොට චීනාව එකතුකරගෙන මොකක්ද එකක් හදනවා කිව්වේ. ඒකට මොකද වෙන්නේ? අනේ ඇත්තට... මේ දාගෙන ඉන්න පටියේ අර්ථය කුමක්ද? අද කාලෙට නම් මේ විකාර ගැලපෙන්නේ නැහැ වගෙයි පේන්නේ. ඔය පටි තිබුණා නැතා, කොයි කව්රුත් ඇට, මස්, ලේ, නහර වලින් සමන්විත මිනිස්සු. කුලය, මලය, වංශය ආදී මාන්නක්කාර දේ ඉවතලා කව්රුත් එක සමාන මිනිසුන් ලෙස හිතන්නට පුරුදු වෙන්නේ නම් කෙතරම් සුන්දරද?
කෝ ඉස්සර වෙලා සයිනෝෆෝම් එක හදලා ඉමුකෝ? කයිවාරුව විතරයි...
මම හිතනවා ලංකාවේ මිනිසු හිතන තරම් මෝඩනැ කියල
බොරුවැඩ කරන්න එපා. කොරෝනා ඉවර වුණාම මොනවද හදන්නේ ගෙනාපු මැෂින් වලින්..? ඒ ගොල්ලෝ හදන්නේ අපිව ගොනාට අන්දවලා ඒ අයගේ මැෂින් විකුණගන්න. ලංකාව කියන්නේ ඕනම කුණු ගොඩක් බාරගන්න රටක් හින්දා ළඟදීම විවෘත කරලා හදයි චීන සහ රුසියන් එන්නත්...
ඩෝලේ ටියුන් කරනවා මිසක් ගහන පාටක් නැහැ...
හදන්න ඉස්සරවෙලා හදන රටකින් ඉක්මණට ගෙන්න ගන්නවා මනුස්සයින්... දවසට කීදෙනෙක් මැරෙනවද කියලා දන්නවද...?