
(ඩයනා උදයන්ගනී,මහින්ද නිශ්ශංක, සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76කින්ද, ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 283ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 176ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 254ක් වනු ඇතැයි එම සංස්ථාව කියයි.
භූමිතෙල් මිලෙහි වෙසනක් සිදු නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ රටවල් ගණනාවක් ඉන්ධන මිල ලංකාවට වඩා වැඩියි. මෙවර වැඩි උනෙත් සුළු ප්‍රමාණයකින්, ජනතාවට ලොකු බලපෑමක් මේකෙන් නෑ.
සෞභාග්‍යයේ දැක්ම... එයාලාට සුබ අනාගතයක්ම වේවා...!
අහන්නත් සතූටුයි. සන්තොසෙ බැරුවා...!
ඔහොම්ම ගිනිපෙට්ටියකුත් දෙනවලා. තෙල් ටික ඇඟට හලන් ගිනි තියාගන්න. පහුගිය දශක කීපයේ රට පාලනය කළ අයගේ කෙරුවාවේ ප්‍රතිඵලයි මේ එන්නේ...!
අපි තමයි හොඳටම කළේ..!
රාජපක්ෂලාගේ කාලේ ඉවරයි. එයාලට මේ රට කරන්න බෑ. අදක්ෂයි. තවදුරටත් පව් නොදී ඇමරිකාවටම යන්න.
ලෝක වෙළඳපළේ මිල ඉහළ ගියාම රජයට මිල වැඩි කරන්න වෙනවා. ඒකට රජයට දොස් කියලා වැඩක් නෑ...
කියන්න කිසිම දෙයක් නැහැ.., අපිට හරි සැපයි/ සනීපයි දෙකම තියෙනවා දැන්...
බමුණුආරච්චි කිව්ව විදිහට කැනඩාවේ මිලටම ලංකාවේ පැට්‍රල් ලීටරයක මිල නැග්ගා... හැබැයි කැනඩාවේ දෙන්නේ ඔක්ටේන් 91, ඔක්ටේන් 95 හොයන්න රට පුරාම දුවන්න ඕනේ. ඒ අතින් අපි කැනඩාවට තවත් ඉදිරියෙන් ඉන්නේ..
දැන්නම් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා. මැතිවරණ වේදිකාවල ගිරිය පුප්පාගෙන කෑගහන දේශපාලුවන්ට නොරැවටෙන්න. මේ කියන මැතිවරණ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ හැකිදැයි සිතාබලා තමන්ගේ වටිනා ඡන්දය බුදධිමත්ව පාවිච්චි කරන්න.
ලංකා ඉතිහාසයේ ඉහලම තෙල්මිල වැඩිකලේ රාජපක්ෂලාගේ ආණ්ඩුව කියල කවුරුත් මතක තබාගන්නේනම් මැනවි. කොයි ආණ්ඩුව ආවත් තෙල්මිල වැඩිකරන්ක වෙනවා. ඒත් මෙතරම් මිල ඉහල ගියේ රාජපක්ෂලාගේ වැරදි ආර්ථික කලමණාකරණය නිසා කිව හැකියි.