(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ  ප්‍රධාන  බැංකුවක් පිටුපස නවතා තිබූ අති සුඛෝපබෝගී බස් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී තිබේ.

බස් රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වී ඇති බව මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

බස් රථයේ ගින්න හේතුවෙන් එම පුද්ගලික බැංකුවේ ගොඩනැගිල්ලට සහ දේපළවලට හානි සිදුව ඇති බවද පොලිසිය කියයි. 

බස් රථයට සිදුවූ අලාභය හිමිකරුවන් මෙතෙක් පොලීසියට දැනුම් දී නැති බවත් බස් රථයේ ඇති වූ එම ගින්න සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි .