
1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් 'බස්' ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය.
ඕල්ඩ්‍රීන්ගේ විවාහය සිදුවූයේ ඔහුගේ 93 වැනි උපන් දිනය සමරද්දී වීම විශේෂත්වයකි.
උපන් දිනය දා ලොස් ඇන්ජලීස් නුවරදී විවාහ උත්සවය පැවැත්වූයේ ඉතා චාම් අයුරින් යැයි පැවැසෙයි.
ඕල්ඩ්‍රීන් මීට පෙර තෙවරක් විවාහ වී, තෙවරක් දික්කසාද වූ අයෙකි. පළමු වරට විවාහ වූයේ 1954 වසරේදීය.
එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං සමඟය. ඔවුන් සමඟ ගිය මයිකල් කොලින්ස් සඳුගේ කක්ෂයේ මවු යානයේ රැඳී සිටියේය.
නීල් ආම්ස්ට්‍රෝං, පළඵමු මිනිසා වෙමින් සඳට පය තබා මිනිත්තු 19 කට පසු එඩ්වින් ඕල්ඩ්‍රීන්, සඳට පය තැබුවේ.
ඇපලෝ 11 මෛහයුමට සම්බන්ධ වී ජීවතුන් අතර සිටින එකම තැනැත්තා එඩ්වින් ඕල්ඩ්‍රීන් ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බකරගත්ත සල්ලිවලට අයිතකම් කියන්න ඕනතරම් අය ඉන්නවා.
යකෝ. මේක දැක්කම මටත් හඳට ගිහින් එන්න හිතුනා.
මොනදේ තරණය කලත් තමන්ට කියල වැඩක් වෙන්නෙ, සසර ගමනින් එතෙර උනදාට තමයි සුද්දෝ
අන්න පොරවල්. සුපිරි අංකල් !
අප්පට සිරි. නංගි පොඩ්ඩ 63 වුණාට 16 කෙල්ලෙක් වගේනේ. අපේ 63 වෙනකොට.
ලොකු කළකිරීමක් ඇති වෙනවා මේ මිනිස්සුන්ගේ බොහොම ප්‍රාථමික අදහස් දුටුවාම... මේ වැනි අදහස් උපදින්නේ අදාළ පුද්ගලයින්ගේ අත්දැකීම්, උගත්කම, විචාර බුද්ධිය අනුවයි. මොකද මිනිස්සු දක්වන අදහස් ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම්වල පිළිබිඹුවක් නිසයි. ඉතින් රටේ තියෙන සමාජය පරිහාණියට පත්වුණු දූෂිත විසකුරු සමාජයක් කියලා වැටහෙන විට ලොකු දුකක් ඇති වෙනවා.
‘‘මෝහිනී‘‘ දැන් ඉතින් මොන තොවිලේ නැටුවත් එළවගන්නවා බොරු...!