
පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය.
දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය.
ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නායකයෝ වගේ තරුණ ජනාධිපති කෙනෙක්...
හිතා ගන්න අමාරුයි ජනාධිපති කෙනෙක්ද කියාලා ..... එතකොට කෝ අර කපුටො වගේ වටපිට බල බල ඉන්න ආරක්ෂක සේනාංකය. ලකුණු දාගන්න එකත්පස්ව ඉන්න ඇම්බැට්ට ඇමති සෙට් එක.
අපේ රටේ මිනිස්සු නම් මේ වගේ අලුත් කෙනෙක්ව රටේ නායකකමට පත්කරගන්නේ නැහැ. ඒ වෙනුවට මේ මනුස්සයාගේ තෝම්බුව වටේ පතුර පතුරා මඩනම් ගහයි. මේ වගේ තරුණ කෙනෙක් වෙනුවට නාකි සොරුන්වම තෝරගෙන හැමදාම කනෝ... කනෝ... කිය කියා විලාප දෙන්න විතරයි... අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු දන්නේ...!
ක්‍රීඩාවේදී ජය සහ පරාජය දෙකම බලාපොරොත්තු වෙන්න ඕනෑ... ඕනෑවට වඩා සංවේදී වෙන්න හොඳ නැහැ. මම මේ තරගය අවසාන වෙනතෙත් බලා සිටියා. මොහු ටිකක් උද්දච්ච කෙනෙක් බව මගේ හැඟීමයි. තමන්ගේ රටේ ජනාධිපති ඇවිත් ඔහුව අස්වැසිල්ලන කොට ඔයිට වඩා වෙනස් විදියට ක්‍රියාකිරිම තමයි හොඳ...
මං කියන්නේ ප්‍රංශයට තව ඒක ගෝල් එකක් ගැහුවනම් දිනන්න තිබුන හොඳටම. මේ දැන් බොරුවට වැලපිලා වැඩක් නෑ. ජනාධිපතිත් සෙල්ලම් කලාද ප්‍රංශ ටීම් එකාට එයා ඇයි මෙතන. අපේ රටේ ජනාධිපතිලා ඒ අතින් ග්‍රේඩ්. පැරදිච්ච් උන් ළඟ මොකටද සෙකන්ඩ් වෙන්න යන්නේ.
මාවැනි පාපන්දුවා - ලගටම ඇවිල්ලා - දුක දුක කුමන්දා - අසන නිරින්දෝ කොයින්දා?