(සුජිත් හේවාජුලිගේ )
ජාතික සුරක්ෂිත දිනය අදට(26) යෙදී ඇත. ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 19කි.
මේ අනුව සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා අද (26) පෙරවරු 9.25සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.
ජාතික සුරක්ෂිත දිනය සර්වාගමික වතාවත් වලට මුල් තැන දෙමින් සැමරීමට රජය තීරණය කර ඇත. ප්‍රධාන සැමරුම් උත්සවය පැරැලිය සුනාමි ස්මාරකය අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරු 8.30 සිට පැවැත්වේ. මෙම උත්සවයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල්( විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු සහ නිලධාරීහු සහභාගි වෙති.
මෙරට සුනාමිය ඇතිවූයේ 2004 දෙසැම්බර් 26 දාය. එම සිද්ධියෙන් තිස් පන්දහසකට අධික ජනතාවක් මිය ගිය අතර පන්දහසක පමණ පිරිසක් අතුරුදන්වූහ. විනාශ වූ දේපළවල වටිනාකම කෝටි ගණනකි.
(ඡායාරූප: රොමේෂ් මධුෂංඛ)


(ජේ.කේ.එල්.චාමින්ද)

2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුනාමි සැමරුම පැරෑලියේදී