
(සනත් ගමගේ)
පලමු රැල්ල අවසන් වුනා. දැන් දෙවන රැල්ල ආරම්භ කර තිබෙනවා. ඒ දෙවන රැල්ල ජන සුනාමියක් බවට පත් කරනවා. ගම් මට්ටමින් බිම් මට්ටමින් සියළුම දෙනා මෙම දෙවන රැල්ලට එකතු විය යුතුයි.
අම්බලන්තොට දී පැවැති උද්ඝෝෂණ පා ගමනින් පසුව පැවැති ජනහමුවේ දී කීය.
පොලිස් නිළධාරීන් අපි වගේම අය ඒ අය යුනිෆෝම් දා ගත්තම තමයි වෙනස. ඒ නිසා ඒ අය සමඟ ගැටුම් හදාගන්න එපා. ඒ අය තෙල් පෝලීම්වල දෙවරක් ඉන්නවා. එක්වරක් පෝලිම් හදන්න ඉන්නවා. තවත් වරක් තෙල් ගහගන්න ඉන්නවා. අපි ඒ අයත් සමග එකතුවෙන්න අවශ්‍යයි. අපි ඒ අයට ආරාධනා කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා අම්බලන්තොට දී කීය.
ජනතාව අපෙන් අහනවා. මේ ආණ්ඩුව පලවා හරින දිනය කවදාද කියලා අපි දිනය කියන්නේ නැහ. ජනතාව කියන දිනයක අපි ලෑස්තියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 කාලෙ හදපු රැල්ලෙන් හැටදාහකට වඩා තරුන පිරිස් සමග ඔහේලගෙ නායකතුමත් ගහගෙන ගියා. එදා හැංගිල හිටපු මෙයා දැන් අනුන් හදන පහන පපත්තු කරන්න හදනවා.
මැතිවරණයකට නොගොස් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම්, ඔබලාට ආණ්ඩුවක් කිරීමට සහ මහජනතාවට අවශ්‍ය සහන සැලසීමට හැකියාවක් තිබේ නම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර අවස්ථාව උදාකර ගන්න. කෝටි ගණනක් මුදල් වියදම් කර මැතිවරණයකට නොගොස් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ඔබලාට උදව් ඇත. පළමු රැල්ල අවසන් වුණා. දැන් දෙවැනි රැල්ල ආරම්භ කර තිබෙනවා. ඒ දෙවන රැල්ල ජන සුනාමි පැමිණියහොත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින්නා වූ ඔබලා ඇතුළු සියලු දෙනාට සිදුවනදේත් හොඳින් තේරුම්ගෙන මේ පැමිණ තිබෙන්නා වූ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන ජනතාවට සහන සලසන්න. ඔබලාගේ හැකියාවන් රටට පෙන්වන්න. එවිට ජනතාව නැවත ඔබලා ගැන සලකා බලනු ඇත...!
තවත් කන්න ඉතුරුවෙලා තියෙන එක.. 1971 දීත්, 1987-1989 දීත් මේ අය කරපු නාස්තිය... මිනීමැරීම් අප ජනතාවට අමතක වෙලා කියලද හිතන්නේ...? 3% රට ගිනි තියන කුහකයින්..!
ගැලවුම්කාරයාද මොහු? වතුර හින්දන තුරු බලාසිටින කෝකද මොහු?
මෙච්චර කල් විපක්ෂයේ ඉඳගෙන පොල් ගෑවාද රටේ මෙච්චර දුෂණ, වංචා වෙලා බංකොළොත් වෙනකල්... දක්ෂ පුද්ගලයින් කියන්නේ, වෙද්දීම තොරතුරු අරගෙන එළියට දාන එක... මගඩි වැඩ අවුරුදු 15ක් විතර කරගෙන ගිහින්.... නඩු දාලා ඔප්පු කරද්දී තව අවුරුදු 15 ක් විතර යයි. එතකල් විනිස්සු හාමතේ මැරෙයි. මිනිසුන්ගේ අසරණකමින් බලය අල්ලන්න දඟලනවා වෙනුවට දැනට (2024 වෙනකල්) හැමෝම එකතුවෙලා ගොඩ එන මාර්ගයක් හොයන්න නේද ඕන...? ඒක නේද නියම සමාජ සේවය... යහපත් පුරවැසියන් කියන්නේ ඒ අයට. අනික් කොට්ඨාශයට කියන්නේ ත්‍රස්තවාදීන් කියලා. 83 වුනේ කඩ කඩල මාරු වුණා. මෝඩ ජනතාව බඩු උස්සන් ගියා... නියම වීරකම. දැන් නිර්පාක්ෂික අරගලය කියා ඒකත් අල්ලාගෙන ඉන්නේ... නියමයි. ගොඩක් සතුටුයි... ජයවේවා...!
කිසිම ප්‍රායෝගික දේශපාලන අත්දැකීමක් නැති කෙනෙකුට හෝ පිරිසකට මෙවැනි අතිශය (1948න් පසු) දේශ: සුනාමියක් හා සමාන පසුබිමක මේ රටේ තත්ත්වය සටහන් කිරීමට තරම් ශක්තියක්, බලයක් මොවුන්ට ඇත්දැයි සාධාරණ සැකයක් ඇති සෙයකි...
"ගම් මට්ටමින්, බිම් මට්ටමින් සියළුම දෙනා මෙම දෙවන රැල්ලට එකතු විය යුතුයි". ඇයි කහනවටද? 88, 89 කාලේ විරුද්ධ වූ මවුපියන්, අහිංසක දරුවන් ඉදිරියේම අමුඅමුවේ මරලා දැම්මා. ගෙවල්වල තිබුණු රත්‍රන් සියල්ල හොරා කාලා කෝටිපතියන් වුණා. පවුලත් අනාථ වුණා. දියුණුවෙමින් පැවැතුණු රට අවුරුදු ගණනකින් ආපස්සට ගියා. තවමත් කරන්නේ අහිංසක තරුණ තරුණියන්ගේ විශ්ව විද්‍යාල ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන් පාරට බස්සවා තරුණ උද්වේගකර මනස අයථා පරිදි යොදාගනිමින් උගත් තරුණ පරපුරේ අනාගතය වළපල්ලට ඇද දැමීමකි. ගම් මට්ටමින්, බිම් මට්ටමින් සියළුම දෙනා එකතු විය යුත්තේ මෙම සාතන්ලාගේ සාපයේ රැල එලවා දමා, වැටී තිබෙන රට ගොඩ දා ගැනීමටයි...
බල්ලන් බිරුවාට තවලම යනවා.