(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රීවරුන් තිදෙනකු සහ ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සාදයක් පවත්වන අතරවාරයේ වෙඩි හඬ ඇසුණු බව සඳහන් කරමින් එහි භාරකරු පැමිණිල්ලක් කළ බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි.
එම සාදය පැවැත් පැවැත් වූ දිනට පසු දින මැදුර පිරිසුදු කිරීමේදී හමු වූ පතුරම් කොපු දෙකක් තිබී හමුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නුවරඑළියේ පිහිටි සෙන්පති මැදුරේ ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකගේ සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වයෙන් ඔවුන් සමඟ පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සාදයක් පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සාදය පැවැත්වෙන අතරවාරයේ වෙඩි හඬට සමාන හඬක් ඇසුණු බවත් පසු දින එනම් 29වැනිදා පරිශ්‍රය පිරිසුදු කිරීමේදී මෙම හිස් උණ්ඩ දෙක හමුවූ බවත් සෙන්පති මැදුරේභාරකරු කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි පොලිසිය කීය.
සෙන්පති මැදුර තුළ වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බව එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු අයකුට තුවාලයක් හෝ දේපල හානියක් සිදු වී නොමැති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.
නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙන්ම ඔලුවට…..!
නිදහස වෙනුවෙන් තුවක්කු ආචාරය.
මේ මැදුරවල් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඔය මැති ඇමතිලයි උන්ගේ ගොටු අල්ලන එවුන්ට දෙකයි පනහට පිස්සු කෙලලා පාටිදාන්න.
රටට හෙණ ගැහුවත් කමක් නැහැ... මේ කාලකණ්ණි දේශපාලකයින්ට නම් සැප...
ශුවර් එකටම පුස් වෙඩිලගෙ ගෘප් එකේ වෙන්ඩ ඇති.