(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු හැසිරීම  නිසා තම වරප්‍රසාද කඩ වන බව පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා 27/2 යටතේ ප්‍රශ්නයක් අසද්දී ඉකුත්දා  සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසු තමා වෙත පමණක් වරද පැටවීමෙන් තම වරප්‍රසාද කඩ වීමක් වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

අදාල සිද්ධියෙන් අනතුරුව විපක්ෂ නායකවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත සටනට අභියෝගයක් කළ බවද එය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පමණක් දඬුවම් කල හැකි වරදක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.