(සුජිත් හේවාජුලිගේ )
එන්නත් වර්ග මිශ්‍ර කර ලබා ලබාදීමේ හැකියාව ගැන සොයා බලා ගෙන යන බව සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති.
මේ අනුව අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමේ හැකියාව ගැනද සොයා බැලෙනු ඇත .
පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය.
එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෙනත් එන්නතක් ගෙනැවිත් දෙවන මාත්‍රාව හැටියට ලබාදීමට හැකියාව තිබෙන බවද ඔහු කීය.
මේ අතර ඉන්දියාවේ පවතින තත්වය හමුවේ අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ ගැටලුකාරී තත්වයක් මතු වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අවශ්‍ය වන බවත් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොවක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන මැයි මස මුල ලැබීමට නියමිතව තිබුණත් එහිද ප්‍රමාදයක් තිබෙන බව දැනගන්නට ඇතැයි රාජ්‍ය ඇමතිවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දොස්තර මහත්තයා නම කැත කරගන්න හදන්නේ. අපිව මීයෝ කරන්න එපා අහිංසක මිනිස්සුන් පරීක්ෂණයට දාලා . අපි කොහොමද දන්නේ එහෙම කරොත් එන අතුරුපල.
යන තත්වයේ හැටියට තේවතුරයි පිපිඤ්ඤා වගේ ගේමක් හෝ කෑමක් දෙන්න යන්නේ, 73 අවුරුදු නිදහස ලබලා 225 කලින් කලට එකතුවෙලා ත්‍රිලියන 16 ණය කරා මිසක් වෙන කරපු දෙයක් නැහැ. අන්තිමට බලන කොට රටෙම තියෙන්නේ අයි සී යු ඇදන් 700 ජන ගහණය කෝටි දෙකහමාරයි...මාරයි යකෝ මේරට මෙහෙම හරි තියෙන එක....දැන්වත් මිනිස්සු තේරුම් ගනිද රටෙ ජනතාව කබලෙන් ලිපට දිනෙන් දින වැටෙන බව..
මම මගේ ආදරණිය සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ආයාචනය කරනවා..." මිශ්‍ර එන්නත් වලට ඔබ බිලිවෙන්න එපා...පළමු එන්නත එකවර්ගයකිනුත් දෙවන එන්නත තවත් වර්ගයකිනුත් එන්නත් කරගන්න එපා.. මේ ලෝකයේ කිසිම තැනක එවැනි භයානක පරීක්ෂණ කරලා නැහැ... මේ රටේ ඉන්න මොලේ අමාරුකාරයින් රටේ ජනතාව මරුතුරුලට යවන්නද දන්නේ නැහැ මේ හදන්නේ. මගේ ආයාචනය මෙයයි මිශ්‍ර එන්නත්වලට ඔබ ඔබගේ වටිනා ජීවිතය නිකරුනේ බිලි දෙන්න එපා...!!! එය කොරෝනාවට වඩා භයානකයි...
කවුද දුන්නේ අදහස... කැබිනට් එකේ ඉන්න, මහින්දානන්ද, රෝහිත, ජොනී, විමල්ද?